නා උයන ආරණ්‍යයේ අනතුරින් අපවත් වූ හිමිවරු 7 අතර විදෙස් හිමිවරුත්, දෙනමක් දිවි බේරන් තිබෙන්නේ ඩක්කුවෙන් පැනලා
මැල්සිරිපුර පන්සියගම ප්‍රදේශයේ නා උයන ආරණ්‍ය සේනාසනයේ භික්ෂූන් වහන්සේ ප්‍රවාහනයට යොදාගත් ඩක්කුවක් අනතුරට ලක්වීමෙන් තුවාල ලැබූ භික්ෂූන් වහන්සේලා වහාම රෝහල්ගත කිරීමට ක්‍රියා කර ඇත.
මෙම අනතුර පූජා භූමියේ පැවති ආගමික වතාවත් අවසන් කොට භාවනා කුටි වෙත අදාළ භික්ෂුන් වහන්සේ වැඩම කරන අවස්ථාවේ ඊයේ (24) රාත්‍රී 9.00ට පමණ සිදුව ඇත.
එම අවස්ථාවේ අදාළ රථය තුළ භික්ෂූන් වහන්සේ 13 නමක් සිට ඇති බව වාර්තා වේ. ඉන් භික්ෂූන් වහන්සේලා හත් නමක් අනතුරින් ජීවිතක්ෂයට පත් වූ බව සඳහන්.
එසේම අනතුරෙන් තුවාල ලැබූ භික්ෂුන් වහන්සේ කුරුණෑගල ශික්ෂණ රෝහලට සහ පොල්ගහවෙල රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණා.
මේ අතර අපවත් වූ භික්ෂූන් වහන්සේලා අතර විදෙස් ජාතික භික්ෂුන් වහන්සේ තෙනමක් ද සිටින බව පවසයි. ඒ අනුව පොලීසිය වාර්තා කළේ ඔවුන් රුමේනියා, රුසියා සහ ඉන්දීය යන ජාතික භික්ෂූන් වහන්සේලා බවයි.
මේ අතර එම අනතුරෙන් තවත් භික්ෂූන් වහන්සේලා හය නමක් තුවාල ලබා ඇති අතර ඔවුන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද වාර්තා වේ.
එසේම භික්ෂුන් වහන්සේ කඳු මුදුනට රැගෙන ගිය ඩක්කුවෙහි ආධාරක කම්බියක් කැඩී යාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරන අතර පන්සියගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
කෙසේ වෙතත් අනතුර සිදු වන විට භික්ෂූන් වහන්සේලා දෙනමක් ඩක්කුවෙන් ඉවතට පැනීම නිසා සුළු තුවාල ලබා දිවි බේරාගෙන ඇති අතර, සිව්නමක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කර සිටින බව සඳහන්.