රට රැකියා දෙනවායි කී විශ්වවිද්‍යාල නිලධාරියා අත්අඩංගුවට ..

Report

විදෙස් රටවල රැකියා ලබා දෙන බව පවසමින් යාපනයේ තරුණ තරුණියන්ගේ රුපියල් හත්කෝටි විසිලක්ෂයක් වංචා කළ නැගෙනහිර විශ්ව විද්‍යාලයේ නිලධාරියෙකු හා යාපනයේ කාන්තාවක් ඊයේ (21) යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා .

බිම තිබී මව අහුලන් ආපු පාර්සලය පුපුරා දියණිය රෝහලේ..

බිම තිබී මව අහුලන් ආපු පාර්සලය පුපුරා දියණිය රෝහලේ..

විශ්ව විද්‍යාල නිලධාරියා යාපනයේ සිටින කාන්තාව හරහා මෙම තරුණ තරුණියන් සොයා ගෙන ඇති අතර, ඔවුන් විසින් විදෙස් රැකියා වලට යාම පිණිස මුදල් ලබා දී ඇත්තේද යාපනයේ කාන්තාවටය.

මුදල් ලබා ගෙන බොහෝ කාලයක් ගත වී ඇතත් ඔවුන්ට රැකියා නොලැබීම නිසා ඔවුන් ඒ පිළිබදව යාපනය පොලීසියට පැමිණිලි කිරීමට කටයුතු කර තිබුණි .

කතකට මරණය ගෙනා දෙල්ගෙඩි ප්‍රහාරය..

කතකට මරණය ගෙනා දෙල්ගෙඩි ප්‍රහාරය..

රැකියා අපේක්ෂාවෙන් රුපියල් ලක්ෂ විසි පහකට වඩා වැඩි මුදලක් ගෙවූ තරුණ තරුණියන් පස් දෙනෙකුට නැගෙනහිර විශ්ව විද්‍යාලයේ නිලධාරියා විසින් ඩුබායි, මැලේසියාව හා ඕමාන් යන රටවලට ප්‍රවේශ වීසා ලබා දී ඇති අතර, එම වීසා ද ව්‍යාජ ඒවා වීම නිසා ඔවුන්ටද විදෙස් රැකියා වලට යාමට නොහැකි වී තිබේ .

මෙසේ තරුණ තරුණියන් 23 දෙනෙකු පමණ අදාළ කාන්තාවට මුදල් ගෙවා ඇතත්, පැමිණිලි යොමු කොට ඇත්තේ තරුණ තරුණියන් හය දෙනෙකු පමණක් බවයි පැවසෙනුයේ.

හදිසි ප්‍රහාර බියක් නිසා පොළොන්නරුවේ ස්ථාන කිහිපයකට යාම සීමා කෙරේ..(VIDEO )

හදිසි ප්‍රහාර බියක් නිසා පොළොන්නරුවේ ස්ථාන කිහිපයකට යාම සීමා කෙරේ..(VIDEO )

පොලීසිය අදාල කාන්තාව අත්අඩංගුවට ගෙන සිදු කළ විමර්ශන වලදී හෙළි වී ඇත්තේ, යාපනයේ කාන්තාව අදාළ සියලුම මුදල් නැගෙනහිර විශ්ව විද්‍යාලයේ නිලධාරියාගේ බැංකු ගිණුම් වලට බැර කොට ඇති බවයි.

ඒ අනුව, එම විශ්ව විද්‍යාල නිලධාරියා ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් දෙදෙනාම යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට යාපනය පොලීසිය පියවර ගෙන තිබේ .