හදිසි ප්‍රහාර බියක් නිසා පොළොන්නරුවේ ස්ථාන කිහිපයකට යාම සීමා කෙරේ..(VIDEO )
By Piyumika
පොළොන්නරුව පුරාවිද්‍යා පරිශ්‍රයේ පරාක්‍රමබාහු රජ මාලිගායේ නටඹුන් ඇති ස්ථානය ආශ්‍රිත ගසක බැඳ ඇති බඹර වද ඇවිස්සීමේ අවදානම හේතුවෙන් සංචාරකයින්ට එම නැරඹීමට සීමා කර තිබේ .
මේ හේතුවෙන් එම වද ඉවත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතු බවයි සංචාරක මගපෙන්වන්නන් පවසනුයේ.
මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වීම නිසා පරාක්‍රමබාහු රාජ මාලිගාව, රාජසභා මණ්ඩපය, කුමාර පොකුණ යන ප්‍රධාන ස්ථාන තුන දින හතරක් තිස්සේ නැරඹීමට අවස්ථාව නොලැබීම හේතුවෙන් විදේශීය සහ දේශීය සංචාරකයෝ ගැටලුකාරී තත්වයකට පත්ව සිටින බවයි වාර්තා වන්නේ.