කතකට මරණය ගෙනා දෙල්ගෙඩි ප්‍රහාරය..

Sri Lanka Police Sri Lanka Crime Murder
By Piyumika Jul 22, 2024 01:55 AM GMT
Piyumika

Piyumika

Report

පුද්ගලික ආරවුලක් මත වටවන ප්‍රදේශයේ 79 හැවිරිදි කාන්තාවකට දෙල් ගෙඩියකින් හිසට පහරදි ඝාතනය කළැයි 25 හැවිරිදි තරුණයකු අත්අඩංගුවට ගෙන ඇත.

ඔබත් මිථුන, සිංහ,කන්‍යා සහ කුම්භ ලග්නයේ ද?..එහෙනම් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න..

ඔබත් මිථුන, සිංහ,කන්‍යා සහ කුම්භ ලග්නයේ ද?..එහෙනම් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න..

මෙසේ ඝාතනය කර ඇත්තේ මැල්සිරපුර වටවන ගමේ පදිංචිව සිටි එච්.සි.ඇසිලින් නම් හැත්තෑ නම හැවිරිදි සිව් දරු මවකි.

මරණය සම්බන්ධව පොලිසිය පැවැත්වූ මූලික පරීක්ෂණයේදී පවුල් දෙකක් අතර ඇතිවූ පුද්ගලික ආරවුලකදී සැකකාර තරුණයා කාන්තාවට අතේ තිබුණ දෙල්ගෙඩියකින් හිසට පාහර දී ඇති බවත් සීසුන්ව ඇද වැටුණු කාන්තාව රෝහල් ගත කරන විටත් මියගොස් සිටිය බව හෙළි වූ බවයි මැල්සිරිපුර පොලිසිය පැවසුවේ .

බිම තිබී මව අහුලන් ආපු පාර්සලය පුපුරා දියණිය රෝහලේ..

බිම තිබී මව අහුලන් ආපු පාර්සලය පුපුරා දියණිය රෝහලේ..

මෙම මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් හා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කර ඇති බවත් මරණයට සම්බන්ධ සැකකාර තරුණය අත්අඩංගුවට ගත් බවත් ඝාතනයට යොදා ගත් දෙල් ගෙඩියද පොලිසිය භාරයට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය පවසයි.