"එදා නාමල්ගේ කිව්ව ලැම්බෝගිනි අද අනුරගේ ආණ්ඩුවෙනුත් බානවා" - නාමල් රාජපක්ෂගෙන් ආණ්ඩුවට සැර ප්‍රහාරයක්

Report

එදා තමන්ගේ නම සඳහන් කරමින් ලැම්බෝගිනි වාහන සම්බන්ධයෙන් චෝදනා කළ පාර්ශ්වයේ ආණ්ඩුව යටතේ අද ලැම්බෝගිනි වාහන 14ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

කොළඹ පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ, මැදපෙරදිග පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ වරාය සහ ගුවන් තොටුපළ හරහා නව වෙළඳ අවස්ථා නිර්මාණය වී ඇති බවයි.

එම අවස්ථා උපරිමයෙන් ප්‍රයෝජනයට ගනිමින් ශ්‍රී ලංකාව හරහා ප්‍රතිඅපනයන කටයුතු වැඩිදියුණු කිරීමට රජය කටයුතු කළ යුතු බවද ඔහු පැවසීය.

“එදා නාමල් කොළුවාගේ ලැම්බෝගිනි 18ක් බානවා කියලා දැකපු කෙනාගෙම ආණ්ඩුවේ ලැම්බෝගිනි 14ක් බාලා නේද? හොඳ වෙලාවට අපේ ආණ්ඩුවක් නැත්තේ. නැත්නම් ඒකත් මගේ කියයි,” යනුවෙන් නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

"ගත්ත තීන්දුව ආපස්සට හරවන්නේ නෑ... කවුරු මොනවා කිව්වත් ගත්ත තීන්දුව ගත්තම තමයි" - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

"ගත්ත තීන්දුව ආපස්සට හරවන්නේ නෑ... කවුරු මොනවා කිව්වත් ගත්ත තීන්දුව ගත්තම තමයි" - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

කෙසේ වෙතත්, එම වාහන ජනාධිපතිවරයාට හෝ වෙනත් පුද්ගලයෙකුට අයත් බවට චෝදනා කිරීම තම දේශපාලන ක්‍රමය නොවන බවද ඔහු සඳහන් කළේය.

මැදපෙරදිග අර්බුදය හේතුවෙන් වෙනත් වෙළඳපොළවල ඇතිවන බාධාවන් ශ්‍රී ලංකාවට නව වෙළඳ අවස්ථා බවට පරිවර්තනය කරගත හැකි බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, ප්‍රතිඅපනයන කටයුතු සඳහා පවතින ප්‍රතිපත්ති ලිහිල් කරමින් ඒ සඳහා උනන්දුවක් දක්වන සමාගම් මෙරටට ගෙන්වා ගැනීමට රජය කටයුතු කළ යුතු බව අවධාරණය කළේය.

එමඟින් තරුණ පරම්පරාව සඳහා නව රැකියා අවස්ථා නිර්මාණය කළ හැකි බවද ඔහු පැවසීය.

මේ අතර, රජයේ බදු ප්‍රතිපත්ති හේතුවෙන් කර්මාන්තශාලා සහ කුඩා ව්‍යාපාර අසීරුතාවට පත්ව ඇති බවටද නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.

රට තුළ ආයෝජන අඩුවීම, කර්මාන්තශාලා වසා දැමීම සහ තරුණ විරැකියාව සම්බන්ධයෙන් රජය අවධානය යොමු කළ යුතු බවද ඔහු සඳහන් කළේය.

ලංකාවම හිරි වැටෙන අනතුරු ඇඟවීමක් - නේපාල ඛේදවාචකය වැනි සිදුවීම් ලංකාව තුළත් සිදුවිය හැකි බවට රතු එළියක්

ලංකාවම හිරි වැටෙන අනතුරු ඇඟවීමක් - නේපාල ඛේදවාචකය වැනි සිදුවීම් ලංකාව තුළත් සිදුවිය හැකි බවට රතු එළියක්

කුඩා ව්‍යාපාරිකයන්ට පවතින පොලී අනුපාත සහ බදු බර හේතුවෙන් සිය ව්‍යාපාර පවත්වාගෙන යාම දුෂ්කර වී ඇති බව පැවසූ මන්ත්‍රීවරයා, ආර්ථිකය ශක්තිමත් කරමින් රැකියා උත්පාදනය කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බව අවධාරණය කළේය.

එමෙන්ම වර්තමාන දේශපාලන සංස්කෘතිය වෛරය, ඊර්ෂ්‍යාව, බෙදීම් සහ චරිත ඝාතන මත පදනම් නොවිය යුතු බවත්, නවීන සහ විවෘත දැක්මක් සහිතව රටේ අභියෝග අවස්ථා බවට පරිවර්තනය කළ යුතු බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනතා විමුක්ති පෙරමුණ අතර පවතින ප්‍රධාන වෙනසක් ලෙස තමන් දකින්නේ නවීකරණය සහ නූතනත්වය සමඟ රටේ අවස්ථා ප්‍රයෝජනයට ගැනීමේ හැකියාව බවද ඔහු සඳහන් කළේය.

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්