මල්වතු සහ අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදුටු ජනපති

Report

මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගි වෙමින් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පස්වරුවේ මල්වතු සහ අස්ගිරි මහා විහාරස්ථාන වෙත ගොස් මහා සංඝරත්නය බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා පළමුව මල්වතු මහා විහාරස්ථානය වෙත ගොස් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම අනුනායක හිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන ඇත.

අනතුරුව අස්ගිරි මහා විහාරස්ථානය වෙත ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.

වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර පැවැත්වෙන අද දිනයේ ජනාධිපතිවරයා මෙලෙස මල්වතු සහ අස්ගිරි මහා විහාරස්ථාන වෙත ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබාගැනීම සිදුකර ඇත.

"ගත්ත තීන්දුව ආපස්සට හරවන්නේ නෑ... කවුරු මොනවා කිව්වත් ගත්ත තීන්දුව ගත්තම තමයි" - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

"ගත්ත තීන්දුව ආපස්සට හරවන්නේ නෑ... කවුරු මොනවා කිව්වත් ගත්ත තීන්දුව ගත්තම තමයි" - ජනපතිගෙන් සැර ප්‍රකාශයක්

අගෝස්තු 20 පොලිස් නිෂ්කාශන සහතික ඉල්ලූ අයට හදිසි දැනුම්දීමක්

අගෝස්තු 20 පොලිස් නිෂ්කාශන සහතික ඉල්ලූ අයට හදිසි දැනුම්දීමක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්

හෙට සිට සැප්තැම්බර් 7 දක්වා ලංකාවට සූර්යයා දෘශ්‍ය වීමේ වෙනසක් - රටම දැනුවත් කරමින් නිවේදනයක්