නොවැම්බර් 3ට පෙර අපි කිසි විටෙකත් ඉරානයට පහර නොදෙමු.. ලෝකෙම අවධානය මැද ට්‍රම්ප්ගෙන් ඉරානයට තාවකාලික සැනසීමක්
නොවැම්බර් මාසයේ පැවැත්වෙන ඇමරිකානු මධ්‍යකාලීන කොංග්‍රස් මැතිවරණයට පෙර ඉරානයට ප්‍රහාරයක් එල්ල නොකරන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊයේ(08) දින ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ අනුව ඔහු අවධාරණය කර ඇත්තේ මාස හයක් පුරා පැවති යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් දෙරට අතර "ඵලදායී" සාකච්ඡා පැවැත්වෙන බවයි.
ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින්, "අපි ඉරාන ඉස්ලාමීය ජනරජය සමඟ ඵලදායී සාකච්ඡා පවත්වමින් සිටිමු, නොවැම්බර් 3 වන දින එක්සත් ජනපදයේ පැවැත්වීමට නියමිත මධ්‍ය කාලීන මැතිවරණයට පෙර අපි කිසි විටෙකත් ඉරානයට පහර නොදෙමු." යනුවෙන් දන්වා ඇත.
එසේ වුවත් ඉරාන වරායන් සම්බන්ධයෙන් ඇමරිකාව පනවා ඇති අවහිරය තවදුරටත් ක්‍රියාත්මක වන බවද ට්‍රම්ප් පවසා ඇති බව සඳහන්.
මේ අතර ඇමරිකාව සහ ඉරානය අතර පවතින ගැටුම අවසන් කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කිරීම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය ඉකුත් සති කිහිපය තුළ යෝජනා හුවමාරු කරගෙන ඇති බවද වාර්තා වේ.