ජේසූස්ට සමාන ඡායාරූපය ට්‍රම්ප් ඉවත් කරයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ව ජේසුස් වහන්සේට සමානව නිරූපණය කරමින් Truth Social සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබූ කෘත්‍රිම බුද්ධිය මගින් ජනනය කළ ඡායාරූපයක් ඉවත් කර ඇති බව වාර්තා වේ.
මෙම ඡායාරූපය රෝහල් ඇඳක සිටින රෝගියෙකු සුව කරන ආකාරය නිරූපණය කරමින්, ඔහු රතු කුරුස සේවකයෙකු හෝ වෛද්‍යවරයෙකු ලෙස ද දැක්වෙන ලෙස සකස් කර තිබූ බව සඳහන් වේ. එය පළ කිරීමෙන් පසු සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ පාර්ශ්ව දැඩි විරෝධය පළ කර තිබේ.
පසුව එම ඡායාරූපය ඉවත් කිරීමෙන් පැය කිහිපයකට පසු මාධ්‍යවේදීන් සමඟ අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා සඳහන් කර ඇත්තේ, එම රූපය වෛද්‍යවරයෙකු ලෙස මිනිසුන්ට උපකාර කරන ආකාරය නිරූපණය කර ඇති බව තමන් විශ්වාස කරන බවයි.
“එය වෛද්‍යවරයෙකු ලෙස මිනිසුන් යහපත් කරන බව සිතිය යුතුය. මම මිනිසුන් යහපත් කරමි. මම මිනිසුන් බොහෝ යහපත් කරමි,” ඔහු එහිදී ප්‍රකාශ කර ඇත.
පසුව ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා CBS News වෙත පවසා ඇත්තේ, කිසිවෙකු වැරදි ලෙස තේරුම් නොගැනීම සඳහා එම ඡායාරූපය ඉවත් කිරීමට තීරණය කළ බවයි.