ලංකාවේ ලස්සන බලන්න මාස 7කට සංචාරක පැමිණීම මිලියන 1.4 ඉක්මවයි

Report

2025 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට සංචාරකයින් 1,408,335ක් පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

මෙම සංචාරක පැමිණීම 2024 වසරේ එම කාල පරිච්ඡේදයට සාපේක්ෂව සැලකිය යුතු ඉහළ යාමක් බව එම අධිකාරිය සඳහන් කරයි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛණවලට අනුව, වැඩිම සංචාරක පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 286,085කි. එසේම, මෙම වසරේදී එක්සත් රාජධානියෙන් 135,722ක් සහ රුසියාවෙන් 116,257ක් මෙරටට පැමිණ තිබේ.

අධිකාරියේ දත්තවලට අනුව, අගෝස්තු 01 සිට 05 වැනිදා දක්වා සංචාරකයින් 40,047ක් මෙරටට පැමිණ ඇති අතර, ඉන් වැඩිම පිරිසක් ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 6,963කි. එමෙන්ම, එක්සත් ජනපදයෙන් 4,345ක්, චීනයෙන් 3,090ක්, ප්‍රංශයෙන් 3,049ක් සහ ඉතාලියෙන් 2,739ක් ද මෙම කාලය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

අද ලග්න කිහිපයකට මල් 07යි - විවාහ වෙන්න ඉන්න අයට සහ වෙලා ඉන්න අයට වෙන්න යන දේ මෙන්න

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් අද විශේෂ ප්‍රකාශයක්

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් අද විශේෂ ප්‍රකාශයක්