හිටපු ජනපති රනිල් වික්‍රමසිංහගෙන් අද විශේෂ ප්‍රකාශයක්
හිටපු ජනාධිපති සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද (10) දින විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට සැලසුම් කර ඇත.
මෙම ප්‍රකාශයේදී, වර්තමානයේ යෞවන සමාජය තුළ පැන නැගී ඇති අර්බුධකාරී තත්ත්වයන් පිළිබඳව හිටපු ජනාධිපතිවරයා විසින් අදහස් පළ කිරීමට නියමිතය.
ජාතික තරුණ සේවා සභාව පිහිටුවීමේ පුරෝගාමියෙකු ලෙස, රනිල් වික්‍රමසිංහ මහතා එහි මුලික අරමුණු මෙන්ම ඔහුගේ පාලන සමයන්හිදී ජාතික තරුණ සේවා සභාව සහ යෞවන සමාජවල කටයුතු සිදු කළ ආකාරය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කිරීමට අපේක්ෂිතය.