මීගමුව බන්ධනාගාරයම ලේ විලක් කරමින් ගැටුමින් මියගිය ගණන 7 දක්වා ඉහළට [UPDATE] [VIDEO]

Report

UPDATE...................12.02 PM

මීගමුව බන්ධනාගාරයේ අද (06) උදෑසන ඇති වූ ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළු 7 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය පවසයි. 

UPDATE...................11.32 AM

මීගමුව බන්ධනාගාරය තුළ යළි ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුද්ගලයන් පස්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලීසිය සඳහන් කළේ ඊයේ පස්වරු 1.00 ට පමණ රිමාන්ඩ් භාරයේ සිටින රැඳවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම දරුණු ගැටුම හටගෙන ඇති බවයි.

මෙම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, අනෙක් මියගිය තැනැත්තා ඇතුළු දෙදෙනෙකු බන්ධනාගාර ආරක්ෂක නිලධාරීන් වන බව වාර්තා වේ.

මීගමුව බන්ධනාගාරය යුද පිටියක් වෙයි.. හමුදාව සහ STF එකවර කැඳවයි

මීගමුව බන්ධනාගාරය යුද පිටියක් වෙයි.. හමුදාව සහ STF එකවර කැඳවයි

ගැටුමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 38 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති අතර, ඔවුන් මේ වනවිටත් මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියි.

යළි නොසන්සුන් වූ මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් 25කට තුවාල

යළි නොසන්සුන් වූ මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් 25කට තුවාල