යළි නොසන්සුන් වූ මීගමුව බන්ධනාගාරයේ ගැටුමෙන් 25කට තුවාල
එමෙන්ම ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබේ.
වාර්තා වන පරිදි මේ වන විට ඇතිවූ නවතම ගැටුම්කාරී සිදුවීමෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 25කට ආසන්න වී ඇති අතර, තුවාල ලැබූවන් අතර බන්ධනාගාර නිලධාරීන් ද සිටින බව වාර්තා වේ.
තුවාල ලැබූ පිරිස මේ වන විට මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනිමින් සිටියි. මේ අතර, බන්ධනාගාරය තුළ දිගින් දිගටම පවතින මෙම නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් ද එල්ල කර ඇති බව සනාථ වේ.