බැංකු තුනකින් ලංකා විදුලි බල මණ්ඩලය බිලියන 33.5ක ණයක් අරන්

Report

ලංකා විදුලි බල මණ්ඩලය වෙනුවෙන් රුපියල් බිලියන 33.5 ක ණය පහසුකමක් මෙරට බලපත්‍රලාභී පෞද්ගලික වාණිජ බැංකු තුනක් මඟින් ලබා දී ඇති බව වාර්තා වේ.

ඒ අනුව මෙම මූල්‍ය ආධාරය සපයා ඇත්තේ සම්පත් බැංකුව, නේෂන්ස් ට්‍රස්ට් බැංකුව සහ පෑන් ඒෂියා බැංකුව එක්වීමෙන් බව සඳහන්.

අඳාළ බැංකු මඟින් මෙම ණය මුදල හරහා ලංවිම ප්‍රතිව්‍යුහගත කිරීමේ කටයුතුවලට සහ එහි දෛනික මෙහෙයුම් පවත්වාගෙන යාමට සහයෝගය ලැබෙන බව ප්‍රකාශ කරයි.

එමෙන්ම අඛණ්ඩව සහ විශ්වාසනීය වශයෙන් විදුලිය සැපයීම සහතික කිරීම මෙහි තවත් අරමුණක් බවද ඔවුන් පෙන්වා දෙයි.

කෙසේ වෙතත් මීට දින කිහිපයකට පෙර ලංකා විදුලිබල මණ්ඩලය කොටස් හතරකට වෙන්කිරීමේ ක්‍රියාවලියට විරුද්ධත්වය පළ කරමින් විදුලිබල වෘත්තිය සමිති දින කිහිපයක සිට අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතව සිටියා.

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

විද්‍යුත් හැඳුනුම්පත් බෙදා හැරීම පිළිබඳ විශේෂ දැනුම්දීමක්

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න

ආයි පල්ලම් බහින රන් මිල - අද මිල ගණන් මෙන්න