පොඩි ලැසී රතු නිවේදන නැතුවම ඇල්ලුවා! පොලිස් මාධ්‍ය හෙළි කල රහස්

Report

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු. වුට්ලර්  මහතා පවසා ඇත්තේ, ජාත්‍යන්තර රතු නිවේදන නොමැතිව මේ දක්වා සැකකරුවන් 14 දෙනෙකු ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇති බවයි.

මෙම ප්‍රකාශය කළේ, සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංඛ ද සිල්වා නොහොත් පොඩි ලැසී මෙරටට ගෙන්වාගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

ඔහු අද (27) මෙරටට ගෙන්වාගෙන ඇති බව වාර්තා වේ. ඔහු ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට පත්ව තිබූ අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන් පිරිසක් ඉන්දියාව බලා ගොස් ඔහු රැගෙන ආවේය.

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී දිවයිනට රැගෙන එයි

සංවිධානාත්මක අපරාධකරුවෙකු වන පොඩි ලැසී දිවයිනට රැගෙන එයි

2024 වසරේ සිට මේ දක්වා ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති සැකකරුවන් 29 දෙනෙකු මෙරටට ගෙන්වාගැනීමට හැකි වී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

"පවතින රාජ්‍ය යාන්ත්‍රණ හරහා 2024, 2025 සහ 2026 වසරවලදී රතු නිවේදන නිකුත් කළ සැකකරුවන් 29 දෙනෙකු ගෙන්වාගැනීමට හැකි වුණා. ඒ වගේම රතු නිවේදන නොමැතිව අද ගෙන්වාගත් සැකකරු සමඟ 14 දෙනෙකු රැගෙන ඒමට හැකි වුණා. එය සිදු වූයේ ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නොමැතිව ආගමන විගමන වැරදි, පිටුවහල් කිරීම් වැනි චෝදනා මත ඒ ඒ රටවල් සමඟ පොලිස්පතිතුමාගේ ඍජු මැදිහත්වීම හරහායි," ඔහු පැවසීය.

මීට අමතරව, සංවිධානාත්මක අපරාධකරුවන් සඳහා රතු නිවේදන 89ක් ලබාගෙන ඇති අතර, 2026 වසර තුළ එම සැකකරුවන් මෙරටට ගෙන්වාගැනීමට උපරිම උත්සාහයක් දරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මෙම ක්‍රියාමාර්ග තුළින් විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වාගැනීමේ වැඩපිළිවෙළ තීව්‍ර කර ඇති බව පෙනේ.  

දොස්තරලා සායනවලින් ඉවතට තවත් ප්‍රශ්නයක්

දොස්තරලා සායනවලින් ඉවතට තවත් ප්‍රශ්නයක්