හරක් කටාගේ නඩුව කල් යයි

Sri Lanka Police Crime Law and Order Latest Headlines Sinhala news
By Kaushi Sep 01, 2025 07:28 AM GMT
Kaushi

Kaushi

Report

මීතොටමුල්ල ප්‍රදේශයේ නිවසකට කඩා වැදී ත්‍රිරෝද රථයක් හා රුපියල් 26,000 මුදලක් කොල්ලකෑමේ සිද්ධියකට චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට විරුද්ධව ගොනුකර ඇති නඩුවේ සාක්ෂි විභාගය අද (01) දින කොළඹ මහාධිකරණයේදී පැවැත් වුණා.

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

ඒ අනුව සාක්ෂි සටහන් කර ගැනීම කොළඹ මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඉදිරියේ දී සිදු වුණා.

එසේම රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුදර්ශන ද සිල්වා මහතාගේ මෙහෙයවීම මත පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදුව ඇත.

පසුව වැඩිදුර සාක්ෂි විභාගය ලබන ඔක්තෝබර් මස 29 වන දින දක්වා කල් තැබීමටද නියම කර තිබෙනවා.

අඳාළ නඩුව කැඳවූ විට හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබූ අතර අධිකරණ ශාලාව තුළට පුද්ගලයින් ඇතුළත් කර ගැනීමද දැඩි පරික්ෂාවකින් පසුව සිදු වූ බව සඳහන්.

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න