ජීවිත 21බිලිගනිමින් අඩි 100ට පෙරළුණ බස් රථය ගොඩ ගනී [Photo]

Accident Death Latest Headlines Sinhala news
By Mithu May 11, 2025 10:42 AM GMT
Mithu

Mithu

Report

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී ප්‍රපාතයකට පෙරලුණු බස් රථය (11) පස්වරුවේ ගොඩගෙන තිබෙනවා. එලෙස ගොඩගත් බස් රථය ඉදිරි විමර්ශන කටයුතු සඳහා කොත්මලේ පොලිසිය වෙත රැගෙන යාමටයි කටයුතු කර ඇත්තේ.

පොලිසිය සහ යුද හමුදාව එක්ව දොඹකර ආධාරයෙන් බස් රථය ප්‍රපාතයෙන් ගොඩගත බව සඳහන්. කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ මෙම ලංගම බස් රථය අද (11) අලුයම ගැරඬිඇල්ල ප්‍රදේශයේ දී අඩි 100ක පමණ ප්‍රපාතයකට පෙරළීගොස් අනතුරට ලක් වුණු අතර. මෙම අනතුරින් බස් රථයේ ගමන් ගත් මගින් 21 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, තවත් 35කට ආසන්න සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගත කෙරුණා.

බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ පවුල් වෙත වන්දි ලබා දීමට පියවර

බස් රථ අනතුරෙන් මිය ගිය අයගේ පවුල් වෙත වන්දි ලබා දීමට පියවර

මියගිය පිරිස අතර කාන්තාවන් 05 දෙනෙක් සහ පිරිමි පුද්ගලයින් 16 දෙනෙක් සිටින බවයි පොලිසිය සඳහන් කළේ. මේ අතර මෙම බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සඳහා එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක වන්දි මුදලක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ, අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපති අරමුදල සැලසුම් කර ඇති අතර, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මිය ගිය අයගේ පවුල්වලට මෙම වන්දි ලබාදීමට නියමිතයි.

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)

අම්ෂිකාට සාධාරණය ඉල්ලු ගුරුවරුන්ට දුරකථන තර්ජන (PHOTO)

කොළඹ බලය මාලිමාවට යයි...

කොළඹ බලය මාලිමාවට යයි...

GalleryGalleryGalleryGalleryGallery
ReeCha