තලාව අනතුරෙන් මිය ගිය සිසුවා ගැන තොරතුරු හෙළි වේ - බස් රියදුරු අත්අඩංගුවට
අද දිනයේ (10) දහවල් තඹුත්තේගම තලාව ජය ගඟ හන්දිය ප්‍රදේශයේදී දරුණු බස්රථ අනතුරක් සිදු විය.
මෙහිදී බස් රථය හෙළකට පෙරළී ඇති අතර මෙම අනතුරෙන් සිසුවෙකු මිය ගොස් ඇති බවට පොලිසිය සඳහන් කරයි. එමෙන්ම එලෙස ජීවිතක්ෂයට පත් වී ඇති සිසුවා පිළිබඳව මේ වන විට තොරතුරු අනාවරණය වී ඇත.
ඔහු 16 හැවිරිදි හඟුරක්කෙත, තලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 411 ගම්මානය දක්වා දිවෙන අතුරු මාර්ගයේ දී අදාළ බස් රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් අනතුර සිදුව තිබුණි.
අනතුරින් බස් රථයේ ගමන් ගත් 39 දෙනෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා තලාව සහ අනුරාධපුර රෝහල්වලට ඇතුළත් කර ඇත.
මියගිය සිසුවාගේ මෘත ශරීරය අනුරාධපුර රෝහලේ තැන්පත්ක ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ, තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන බවය.