තලාවේ බස් අනතුරින් 40කට තුවාල - උසස් පෙළ සිසුවෙක් මරුට [UPDATE]
බස් අනතුරින් මේ වන විට එක් අයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ. එමෙන්ම 40 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවද වාර්තා විය.
බස් රථයේ මගීන් 40කට වැඩි පිරිසක් ගමන් කර ඇති අතර තවමත් තුවාලකරුවන් රෝහල් වෙත රැගෙන එමින් පවතින බව අද දෙරණ වාර්තාකරුවන් පවසයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ තලාව ප්රදේශයේ සිට 411 ගම්මානය දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයකි.
තුවාල ලැබූ පිරිස අතර, පාසල් සිසුන් ද වන බව වාර්තා වේ. තුවාලකරුවන් මේ වනවිට තඹුත්තේගම සහ අනුරාධපුර රෝහල් වෙත යොමුකර ඇත.
බස් රථය අඩි පහක පමණ හෙලකට පෙරළී යෑමෙන් අනතුර සිදුව ඇතැයි වාර්තා වේ.