පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ තත්ත්වය තවමත් උණුසුම් - නිලධාරීන්ට ගල්මුල් ප්රහාර
මීගමුව, දළුපොත පිහිටි පල්ලන්සේන එළිමහන් බන්ධනාගාරයේ හටගෙන ඇති නොසන්සුන්කාරී තත්ත්වය තවදුරටත් උග්ර අතට හැරෙමින් පවතින අතර, එය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ විසින් කඳුළු ගෑස් ප්රහාර එල්ල කර තිබේ.
විරෝධතාවයේ යෙදෙන රැඳවියන් විසින් මේ වන විටත් බන්ධනාගාර නිලධාරීන් සහ ආරක්ෂක අංශ වෙත ගල්මුල් ප්රහාර එල්ල කරමින් සිටින බව වාර්තා වේ.
පල්ලන්සේන බන්ධනාගාරයේ රැඳවියන් තවමත් නොසන්සුන් - විශේෂ කාර්ය බලකාය, කැරලි මර්දන ඒකකය මෙන්ම ශ්රී ලංකා ගුවන් හමුදාව වහාම පැමිණෙයි
ස්ථානීය ආරක්ෂාව තර කිරීම සඳහා පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ ගුවන් හමුදා නිලධාරීන් තවදුරටත් මෙහෙයුම්වල නිරතව සිටින අතර බන්ධනාගාර පරිශ්රයේ පාලනය තහවුරු කර ගැනීමට ආරක්ෂක අංශ දැඩි උත්සාහයක නිරත වේ.