කුරුවිට බන්ධනාගාරයේ නැවතත් උණුසුම් තත්ත්වයක් - තත්ත්වය පාලනයට විශේෂ කාර්ය බලකාය කැඳවයි

Report

කුරුවිට බන්ධනාගාරය තුළ මේ වන විට නැවතත් උණුසුම් නොසන්සුන්කාරී තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

ඊයේ (06) රාත්‍රියේ මෙම නොසන්සුන්තාව ප්‍රථමයෙන් හටගෙන තිබූ අතර, පසුව බන්ධනාගාර බලධාරීන් විසින් එය පාලනය කිරීමට කටයුතු කර තිබුණි.

කෙසේ වෙතත්, අද (07) උදෑසන යළිත් වරක් රැඳවියන් අතර මෙම නොසන්සුන්කාරී තත්ත්වය ඇතිවී තිබේ.

මැගසින් බන්ධනාගාරය කැලඹෙද්දී කුරුවිට බන්ධනාගාරයෙත් නොසන්සුන්තාවයක් තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්

මැගසින් බන්ධනාගාරය කැලඹෙද්දී කුරුවිට බන්ධනාගාරයෙත් නොසන්සුන්තාවයක් තත්ත්වය පාලනයට පොලිසියෙන් කඳුළු ගෑස්

වාර්තා වන අන්දමට බන්ධනාගාරය තුළින් දැනටත් කෑකෝ ගසන ශබ්ද ඇසෙමින් පවතින අතර, ඇතිවූ තත්ත්වය පාලනය කිරීම සඳහා පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වන අතර, බන්ධනාගාර පරිශ්‍රයේ සහ අවට ආරක්ෂාව තර කිරීමට පොලිස් කණ්ඩායම් යොදවා තිබේ.

හෙට උදේ 8 ට දිවයිනේ පුරා ක්‍රියාත්මක වැඩසටහනක් - සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය කරයි

හෙට උදේ 8 ට දිවයිනේ පුරා ක්‍රියාත්මක වැඩසටහනක් - සියලුම ග්‍රාම නිලධාරී වසම් ආවරණය කරයි