මගේ දරුවගේ කනට ගහලා ඔළුව මේසේ තද කරලා වැලමිටෙන් කොන්දට ගහලා - දරුවට බයට මුත්‍රා පිටවෙලා - පාසලේ සිසුවියට සිදු වූ පහරදීමක් හෙළි වේ [PHOTOS]
ඊයේ (05) නුවරඑළිය අධ්‍යාපන කලාපයට අයත් නානුඔය නගරයේ ක්‍රියාත්මක වන ජනප්‍රිය පාසලක ගුරුවරයෙකු සිසුවියකට පහරදීමෙන් පීඩාවට පත් වූ සිසුවිය නානුඔය ප්‍රාථමික රෝහලේ ප්‍රතිකාර ලබා නිවසට පැමිණ තිබේ.
08 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියට ගුරුවරයා විසින් පහර දී ඇති අතර, එම සිසුවියට අභ්‍යන්තර හා බාහිර තුවාල සිදුවී ඇති අතර අධික වේදනාව සහ කම්පනය හේතුවෙන් ඇයට ඉබේම මුත්‍රා පිටවීමක් ද සිදුව ඇති බව වාර්තා වේ.
ඇයගේ කම්මුල් සහ කන ප්‍රදේශයට දැඩි ලෙස පහර දී, අනතුරුව සිසුවියගේ හිස මේසයක් මත තබා තද කර ගුරුවරයාගේ වැලමිටෙන් ඇයගේ කොන්ද ප්‍රදේශයට පහර දී තිබෙන බවද වාර්තා වේ.
මෙම සිදුවීම ගුරු සේවයට විශාල කැළඹීමක් ඇති කර ඇති අතර අදාළ සිදුවීම පිළිබදව මේ වනවිට වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක වේ.
