රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ නිවාඩුවේ වෙනසක් - තුන්වෙනි දරු උපතේදීත් වසරක නිවාඩුවක් - අසල්වැසි රටින් අලුත් නීති
තුන්වැනි දරුවා බිහිකරන රාජ්‍ය සේවිකාවන්ගේ මාතෘ නිවාඩුවේ දින 365ක් දක්වා දීර්ඝ කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත රජය තීරණය කර ඇත. ඒ අනුව, දැනට තුන්වැනි දරුවා සඳහා ලබාදෙන සති 12ක මාතෘ නිවාඩුව දින 365ක් හෙවත් වසරක කාලයක් දක්වා දීර්ඝ කෙරෙනු ඇත.
එරට මාධ්‍ය වාර්තා කරේ තමිල්නාඩු ප්‍රාන්ත රජයේ මානව සම්පත් කළමනාකරණ අමාත්‍ය ඩී. සරත්කුමාර් විසින් ප්‍රාන්ත සභාවේදී සිය අමාත්‍යාංශයට අදාළ ප්‍රතිපාදන ඉදිරිපත් කිරීමේ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර ඇත.
දැනට තමිල්නාඩුවේ රාජ්‍ය සේවයේ නිරත විවාහක කාන්තාවන්ට දරුවන් දෙදෙනෙකුට අඩු නම් දින 365ක මාතෘ නිවාඩුවක් හිමිවන අතර, දරුවන් දෙදෙනෙකු හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින කාන්තාවන්ට හිමිවන්නේ සති 12ක නිවාඩුවක් පමණයි.
නව තීරණය යටතේ තුන්වැනි දරුවා බිහිකරන කාන්තා රාජ්‍ය සේවිකාවන්ටද වසරක මාතෘ නිවාඩුවක් හිමිවනු ඇත. මෙය සමාජ සුබසාධනය සහ කාන්තා සවිබලගැන්වීම ප්‍රමුඛ කරගත් ප්‍රාන්ත රජයේ ප්‍රතිපත්තියක් යටතේ ගත් තීරණයක් බව අමාත්‍යවරයා සඳහන් කර තිබේ.