මහමැතිවරණයේදී දෙමළ සන්ධානය කරන්න යන දේ..

TNA Sri Lanka General Election 2024
By Piyumika Sep 26, 2024 08:08 AM GMT
Piyumika

Piyumika

Report

දෙමළ ජාතික සන්ධානය නියෝජනය කළ දේශපාලන පක්ෂ කිහිපයක් ඉදිරි මහමැතිවරණයේදී වෙනම තරග කිරීමට තීරණය කර තිබේ.

මහා රෑ ගෙවල්වලට හොරෙන් පෙම්සුව විදින්න ගිය යුවලට අවසානේ අත් වුණු ඉරණම..

මහා රෑ ගෙවල්වලට හොරෙන් පෙම්සුව විදින්න ගිය යුවලට අවසානේ අත් වුණු ඉරණම..

ඊ.පී.ආර්.එල්.එෆ් සංවිධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍ර කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ ජාතික සන්ධානය යටතේ මහ මැතිවරණය තරග කිරීමට තමන් ඇතුලු දෙමළ සන්ධානය නියෝජනය කළ පක්ෂ කිහිපයක් තීරණය කළ ඇති බවයි.

ටෙලෝ සහ ප්ලෝට් සංවිධානයද ඊට අයත්.

පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පී.අරියනේන්ද්‍රන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් මෙම දේශපාලන පක්ෂ කටයුතු කරන ලදී .

අමතක කරන්නේ නැතුව හෙට උදේම නැගිටින්න...වසර 80,000 ට කලින් පෙනුන කෙනෙක් ඔන්න ආයේ පේනවලු..

අමතක කරන්නේ නැතුව හෙට උදේම නැගිටින්න...වසර 80,000 ට කලින් පෙනුන කෙනෙක් ඔන්න ආයේ පේනවලු..

කෙසේ වෙතත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරම් නායකත්වය දරණ දෙමළ ජනතා ජාතික සන්ධානය මැතිවරණයට තරඟ කරන ආකාරය පිළිබද මේ දක්වා තීරණය කර නොමැත.

එසේම දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන තමිල් අරසු පක්ෂයද මහමැතිවරණයට තනිව තරඟ වදිනවාද එසේ නොමැති නම් සන්ධානගත වී තරඟ කරන්නේද යන්න පිළිබද මේ දක්වා තීරණය කර නැත.

මොකක්ද මේ කරලා තියෙන්නේ.. චීනයට රටවල් කිහිපයකින් සිය කනස්සල්ල..

මොකක්ද මේ කරලා තියෙන්නේ.. චීනයට රටවල් කිහිපයකින් සිය කනස්සල්ල..

එම පක්ෂය ඉකුත් ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂක පී. අරියනේන්ද්‍රන්ට සහය පළකිරීමෙන් වැළකී සිටි අතර සමගි ජනබලවේගයේ අපේක්ෂක හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට සහය දැක්වීමටයි තීරණය කළේ.ඒ අනුව යාපනය සහ වන්නි දිස්ත්‍රික්කය සමගි ජනබලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස විසින් ජය ගන්නා ලදී.

මේ අතර ඉදිරි මහමැතිවරණය සඳහා සියලු පක්ෂ එක්වූ පුළුල් සන්ධානයකින් තරග කිරීමට බලාපොරොත්තු වන බව පසුගිය ජනාධිපතිවරණයේදී ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහට සහය පළ කළ මන්ත්‍රීවරුන් පවසා සිටී . හිටපු අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන සමග කොළඹ දී ඊයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව ඔවුන් මේබව සදහන් කළේය.

ReeCha