කැනඩාවත් ඉබෝලාවට බිය වෙයි - ටික ටික රට වහන්න සූදානම්

Report

කැනඩාව විසින් ඉබෝලා වෛරසය පැතිරීමේ අවදානම හේතුවෙන් අප්‍රිකානු රටවල් තුනක පදිංචිකරුවන්ට තාවකාලික සංචාරක තහනමක් පැනවීමට තීරණය කර ඇත. ඒ අනුව කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය, උගන්ඩාව සහ දකුණු සුඩානය යන රටවල පදිංචිකරුවන්ට බදාදා සිට දින 90ක කාලයක් සඳහා කැනඩාවට ඇතුළුවීම තහනම් කෙරේ.

ඉබෝලා වෛරසය කැනඩාවට ඇතුළු වීම සහ රට තුළ ව්‍යාප්ත වීමේ අවදානම අවම කිරීම සඳහා මෙම තීරණය ගත් බව කැනඩා රජය පවසයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය තුළ Bundibugyo වර්ගයේ ඉබෝලා වෛරස් ප්‍රභේදය ජාතික වසංගත තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ අවදානම "ඉතා ඉහළ" මට්ටමකට පැමිණ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා ප්‍රකාශ කළේය.

ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?

ආයෙත් පෝලිමට මුහුණු ආවරණ දාන්න ලෑස්ති වෙන්න - ලංකාවෙන් මෙනින්ජයිටිස් රෝගීන් 100 පනී - ලොක්ඩවුන් වැටීමේ අවදානමක්?

මේ අතර, පසුගිය සතියේ අමෙරිකාව ද මෙම රටවල් තුන වෙත පසුගිය සතිවල සංචාරය කළ අමෙරිකානු නොවන පුරවැසියන්ට ඇමරිකා එක්සත් ජනපදයට ඇතුළුවීම තහනම් කරනු ලැබීය.

කෙසේ වෙතත්, මෙම පීඩාවට පත් ප්‍රදේශවල රැඳී සිටි, එහෙත් රෝග ලක්ෂණ නොපෙන්වන කැනඩා පුරවැසියන්ට, ස්ථිර පදිංචිකරුවන්ට සහ අනෙකුත් විදේශීය වැසියන්ට මැයි 30 වනදා සිට දින 21 ක කාලයක් නිරෝධායනය වීමට සිදුවනු ඇත. අමෙරිකාව, කැනඩාව හෝ බහමාස් රාජ්‍යයෙන් මේ දක්වා කිසිදු ඉබෝලා ආසාදිතයෙකු වාර්තා වී නොමැති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි

වාහන හිමියන්ට විශේෂ නිවේදනයක් - ආයේ වාහනයට රක්ෂණ කාඩ්පතක් නැහැ - ඩිජිටල් රක්ෂණ කාඩ්පත ගන්න විදිහ පැහැදිලි කරයි