මෝටර් රථයක් අතහැර ගොස් සැකකරු පලා යයි

Report

රාගම පහලවත්ත ප්‍රදේශයේදී මෝටර් රථයක් තුළ ටී 56 වර්ගයේ ගිනි අවියක් සහ පතොරම් සහිත ගැබ් දෙකක් සොයා ගෙන තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන, බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත භාරදී ඇති බව පොලිසිය සඳහන් කරයි.

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

පාසල් ළමුන්ට රජයෙන් අලුත් ආරංචියක්

රාත්‍රී 23 වනදා රාගම පහලවත්ත ප්‍රදේශයේ පාලු ස්ථානයක නවතා තිබූ මෝටර් රථය කාර්මික දෝශයකට ලක්ව එම ස්ථානයෙන් අතහැරගෙන ගොස් තිබියදී සිදු කෙරූ පරීක්ෂණයේදී එම රථය තුළ තිබූ ගිනි අවිය සහ පතොරම් සහිත ගැබ් දෙක සොයාගෙන තිබුණි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටී.

නත්තල් උත්සවයට IS දරුණු ප්‍රහාරයක් නූලෙන් බේරෙයි

නත්තල් උත්සවයට IS දරුණු ප්‍රහාරයක් නූලෙන් බේරෙයි