නත්තල් උත්සවයට IS දරුණු ප්‍රහාරයක් නූලෙන් බේරෙයි
නත්තල් සහ අලුත් අවුරුදු උත්සව සමය ඉලක්ක කරගනිමින් තුර්කියේදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර සිටි බවට සැකකෙරෙන ඉස්ලාමීය රාජ්‍ය (IS) සංවිධානයේ සාමාජිකයන් 115 දෙනෙකු එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
එරට මාධ්‍ය වාර්තා කරන්නේ සැකකරුවන් විසින් මුස්ලිම් නොවන ජනතාව ඉලක්ක කර ගනිමින් නත්තල් සහ අලුත් අවුරුදු උත්සව අවස්ථාවලදී ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කර ඇති බවට තොරතුරු ලැබී තිබූ බවයි.
ඉස්තාන්බුල් පොලිසිය විසින් නගරයේ ස්ථාන 124 කදී එකවර මෙම වැටලීම් සිදු කර ඇති අතර පොලිසිය විසින් මුලින් සැකකරුවන් 137 දෙනෙකු සොයමින් සිටි අතර, ඉන් 115 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මෙම මෙහෙයුම් හරහා හැකි වී තිබෙන බව වාර්තා වේ. මෙම වැටලීම්වලදී සැකකරුවන් සන්තකයේ තිබූ පිස්තෝල කිහිපයක් සහ පතොරම් තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ඉස්තාන්බුල් ප්‍රධාන අභිචෝදක කාර්යාලය ප්‍රකාශ කළේ මෙම මෙහෙයුම හරහා උත්සව සමයේ සිදුවීමට ගිය විශාල අනතුරක් වළක්වා ගැනීමට හැකි වූ බවයි.