අඳුර ගන්න බැරි තරම් විකෘතිව හමුවූ යාචකයාගේ ඝාතනය ගැන පුදුම හිතෙන විස්තර ගොඩක් එළියට

Sri Lanka Police Investigation Crime Law and Order Murder Sinhala news
By Kaushi Sep 01, 2025 06:15 AM GMT
Kaushi

Kaushi

Report

දෙහිවල මෙල්ෆර්ඩ් ක්‍රෙසන්ට්හි අඩක් වැඩ නිම කර අත්හැර දමන ලද පස්මහල් ගොඩනැගිල්ලක් තුළ මියගොස් සිටි නාඳුනන යාචකයාගේ මරණය ගෙල මිරිකා සිදු ව තිබු ඝාතනයක් බව හෙළි වීමෙන් පසු කළ විමර්ශනයේදී තවත් යාචකයකු අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය ප්‍රකාශ කරයි.

ඒ අනුව පහුගිය මස 10 වෙනි දින එම ප්‍රදේශයේ කුඩා දරුවකු හිටි හැටියේ අතුරුදන්වීම පිළිබඳව එම දරුවාගේ පියා දරුවා සොයමින් සිටියදී මෙම පාළු ගොඩනැගිල්ලේ තිබී යාචකයාගේ මළ සිරුර දැක පොලිසියට ඒ පිළිබඳව වාර්තා කර ඇත.

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

ඉන්ධන මිල පහලට - නව මිල මෙන්න

එහෙත් ඒ වන විටත් මළ සිරුර හඳුනාගත නොහැකි ලෙස නරක් වි තිබූ අතර සිරුර කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කළ බව පොලීසිය පැවසුවා.

ඉන් පසුව ත්‍රිකුණාමල ප්‍රදේශයෙන් මවක් සහ පුතෙක් පැමිණ එම මළ සිරුර හඳුනාගැනීමට උත්සාහ දරුවද එය හඳුනාගැනීමට නොහැකි වූ බව පොලීසිය වාර්තා කළා.

කෙසේ වෙතත් එම මළ සිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය මාස තුනකට පසු සිදු කිරීමෙන් පසුව එම මරණය ගෙල මිරිකා සිදුකළ ඝාතනයක් බවට හෙළිව තිබුණා.

ඒ අනුව කළ පොලිස් විමර්ශනවලදී මියගිය යාචකයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුවෙකු බවත්, ඔහු මත්ද්‍රව්‍ය පානය කිරීමට මෙම පාළු ගොඩනැගිල්ලට පැමිණෙන බවත් අනාවරණය වී ඇත.

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

කෙහෙල්බද්දර පද්මේගේ කටින් ඉෂාරා සෙව්වුන්දි ගැන පැන්න අලුත්ම විස්තරේ

එමෙන්ම තවත් යාචකයකුද එසේ මත්ද්‍රව්‍ය පානය කිරීමට අඳාළ ස්ථානයට පැමිණීමේදී දෙදෙනා අතර ස්ථානය පිළිබඳව ඇතිවූ ගැටලුවක් නිසා බහින්බස්වීමකින් පසුව ගෙල මිරිකා තල්ලු කර එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව පොලිසිය පවසයි.

මෙම සිද්ධිය තවත් යාචක කාන්තාවක්ද දැක තිබූ බව පොලිසිය සිදු කළ වැඩිදුර විමර්ශනවලදී හෙළි වී ඇත.

ජීවිතක්ෂයට පත් යාචකයා දෙහිවල ගල්කිස්ස නගර සභාවේ සෞඛ්‍ය කම්කරුවකු වශයෙන් කලකට පෙර සේවය කළ අයෙක් බවටද තොරතුරු ලැබී ඇත.

එසේම ඔහු කාගේ කවුද යන්න හඳුනා ගැනීමට ඩි එන් ඒ පරීක්ෂණයක් ද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න

මේ ලග්න හිමියන් අද අනිවාර්යෙන් පරිස්සම් වන්න - වෙන්න යනදේ මෙන්න