සලේට කෲර වධහිංසා පමුණුවන බව වෛද්‍ය වාර්තාවලින් තහවුරු වෙයි - ජනපතිටත් අනතුරු ඇඟවීමක්
හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක නීතිඥ මනෝජ් ගමගේ මහතා රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන අතරතුර ඔහුට විශාල ලෙස කෲර වධහිංසා පමුණුවන බව වෛද්‍ය වාර්තා මඟින් තහවුරු වී ඇති බව සඳහන් කරයි.
ඒ අනුව ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළා.
මේ අතර ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තිය මඟින් කෲර වධහිංසා පැමිණවීම වරදක් වශයෙන් පැහැදිලිවම දක්වා ඇති බවයි. එහිදී වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥ මනෝජ් ගමගේ කියා සිටියේ,
''දැන් මෙතනදී බොහෝ දෙනාගේ අවධානය යොමු නොවුණු කාරණා කිහිපයක් පිළිබඳව තමයි මා අවධානය යොමු කරන්න උත්සාහ කරන්නේ. විශේෂයෙන්ම අපි දන්නවා මෙය මේ විට එළිවෙලා තියෙනවා අධිකරණ හමුවේදී වෛද්‍ය වාර්තා අනුව ස්වාධීනව මෙම සුරේෂ් සලේ මහතාට දැවැන්ත ලෙස කෲර වද හිංසනයට සීඅයිඩිය තුළ භාජනය කරනවයි කියන කාරණය. මෙය ඉතාමත් බරපතළ තත්වයක් වන්නේ, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එකොළොස්වෙනි වගන්තියේ කෲර වද හිංසනය කියන දේ ඉතා පැහැදිලිව දක්වලා තියෙනවා වරදක් විදියට. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් වෙනත් අපරාධ නීති සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහය තියෙනවා. හැබැයි කෲර වද හිංසනය කියන දේ ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රටේ උත්තරීතර නීතියට ඇතුලත් කරන හේතුව මොකක්ද? ඒ උත්තරීතර නීතියට ඒක ඇතුලත් කරන හේතුව තමයි මේ කියන නීතිය කිසිසේත්ම කිසිවෙකුටත් බලය කඩ කිරීමේ අයිතියක් නෑ. එහෙමනම් සීඅයිඩී එකට හෝ මේ රටේ ජනාධිපතිතුමාට හෝ එහෙම නැත්නම් වෙනත් කවර පාර්ශවයකට හෝ කෲර වද හිංසනය අනුමත කරලා, එහෙම නැත්නම් වද හිංසාවට මිනිහෙක් භාජනය කරලා, තමන්ට අවශ්‍ය දේ දැනගන්නකන් ඒ මිනිහට වද දෙන්න අයිතියක් නෑ.
ඒ විතරක් නෙමෙයි මෙහි තිබෙන බරපතළම කාරණය මා මේ අවස්ථාවේදී හෙළිදරව් කරන්නම්. මේ කෲර වද හිංසනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කෲර වද හිංසනය පිළිබඳ සම්මුති පනතක් තියෙනවා. මේ සම්මුති පනතට ශ්‍රී ලංකාව අත්සන් තියලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනත කියලා තවත් පනතකටත් ශ්‍රී ලංකා රාජ්‍ය අත්සන් කරලා තියෙනවා. එහෙම නම් මේකේ තියෙන බරපතළකම කුමක්ද? අපි අනුර කුමාර ජනාධිපතිතුමාට සිහිපත් කරලා තිබෙනවා. ඔබතුමත් මෙහි පාර්ශවයක් බවට දැන් පත්වෙනවා. මොකද හේතුව එතුමා මේක අධිකරණ නියෝගයක් මත රඳවා ගැනීමක් නෙමෙයි මේ සිද්ධවෙන්නේ. ඩී ඕ ගහලා, රඳවාගැනීමේ නියෝග මත, ජනාධිපතිවරයාගේ රඳවාගැනීමේ නියෝග මත තමයි මේ දේ සිද්ධවෙන්නේ. එහෙමනම්, මේ ගැන දැන දැන වෛද්‍යවරු කියද්දී ඔහුට බරපතළ හිංසනයන් සිද්ධ වෙලා තියෙනවා, අමානුෂික සැලකිල්ලට භාජනය වෙලා තියෙනවා, මානසිකත්වය කඩා වැටිලා තියෙනවා කියලා. රටේ ජනාධිපතිවරයා විදිහට ඒ පිළිබඳව නිහඬව සිටීමත් මේ අන්තර්ජාතික සම්මුතීන් උල්ලංඝනය කිරීමක් විදියට තමයි අපි දකින්නේ. ඒක නිසා අපි අවධාරණය කරන්න කැමතියි යම් දවසක මේ කරපු කෲර වද හිංසනයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙද්දී මතක තියාගන්න ජනාධිපතිවරයාගේ ඉඳන් සීඅයිඩී එකේ මේකට සම්බන්ධ සියලුම නිලධාරීන්ට යම් දවසක නීතියට උත්තර බඳින්න සිද්ධ වෙනවා. අපි වරදක් කරන කෙනෙකුට තියෙන අවම දඬුවම අවුරුදු හතක සිර දඬුවම්. අවම දඬුවම අවුරුදු හතයි. උපරිම දඬුවම අවුරුදු දහයයි. මෙතෙන්දි ඉතා වැදගත් කාරණයක් කියනවා. මොකක්ද? ඒ පනතේ තුන ආ වගන්තියේ කියනවා උසස් නිලධාරීන් රාජ්‍ය අධිකාරියක් විසින් නියෝග දුන්නා කියලාවත් කිසිම මනුස්සයෙකුට වද හිංසා කරන්න බෑ.
ඒක නිසා අපි සී අයි ඩී නිලධාරීන්ට මතක් කරනවා. කොහෙන් හරි ඕඩර්ස් ආවා කියලා කියන්න බෑ මිනිහෙකුට වද දෙන්න. ඒ මොන දේ කිව්වත් ඒවා විත්ති වාචකයක් නෙමෙයි කියලා මේ පනතේ ඉතා පැහැදිලිව කියලා තියෙනවා. එහෙම නම් මනුස්සයෙකුට කෲර වද හිංසා දීලා, තමන්ගේ දේශපාලන ඇරියස් එක පිරිමහා ගන්න. තමන්ට අවශ්‍ය දේශපාලන පුද්ගලයන් දඩයම් කරගන්න කොහොමින් හරි ඒ අවශ්‍ය නමක් ගන්නකන් මිනිහෙකුට අමානුෂික ලෙස වද හිංසා දීම කිසිසේත් අනුමත කරන්න පුළුවන් කාරණයක් නෙමෙයි. ජාත්‍යන්තර නීති යටතේ බරපතළ වරදක් සිද්ධ වෙනවා මේ රට තුළ. ඉතාමත් පැහැදිලිව අපි අනාගතයේ බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම අපි පක්ෂය මැදිහත් වෙලා මේ පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමටත්, ඒ වගේම ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයටත් මේ සම්බන්ධයෙන් විශේෂ පැමිණිලි කිහිපයක් ඉදිරිපත් කරන්න. මොකද මෙවැනි රාජ්‍යයක්, රාජ්‍යයක තියෙන පරම වගකීම් විදිහට එක්සත් ජාතීන්ගේ සම්මුතිය දක්වා තිබෙනවා. මිනිහෙකුට කූර හිංසාවට භාජනය නොවීමට වගබලා ගැනීම. එහෙමනම් ශ්‍රී ලංකා රාජ්‍ය දැන් බාබේරියන් යුගයකට එහෙම නැත්නම් අර මිලේච්ඡයන්ගේ යුගයකට නැවතත් යමින් පවතිනවා. තමන්ට ඕන දේශපාලන හෙන්චයියන්ට, පොලීසියේ ඉහළ තනතුරු දීලා, තමන්ට ඕන මිනිස්සු දඬුවම් කරන්න. අහිංසක රණවිරුවන්ව අත්අඩංගුවට අරගෙන, කන්න බොන්න දෙන්නේ නැතුව, දැඩි ලෙස වධහිංසා දීලා, එහෙම බැරිවුණාම ඔහුව පුළුවන් නම් මැරෙනකන් ඉන්න ඉඩ අරින්න තත්වයට මේ රට පත්වෙලා තියෙනවා. මතක තියාගන්න, අපි මාලිමා මතක් කරන්න කැමතියි මේක අසූ අට අසූ නමය යුගය නෙමෙයි. මානව හිමිකම් වලට ගරු කරන යුගයක්. එහෙමනම් ඔබ මේ මාලිමා රජය මේ වන විට එක්සත් ජාතීන්ගේ විශ්ව ප්‍රකාශයේ තියෙන බරපතළම කොන්දේසිය තමයි වද හිංසනය වැළැක්වීම. සියලුම රාජ්‍යයක අත් නොහළ හැකි වගකීමක් කියන දේ. කිසිම රාජ්‍යයකට අත්හරින්න බෑ. වද හිංසාවෙන් තියෙන ආරක්ෂා මනුස්සයෙකුට. එහෙම නම් එක්සත් ජාතීන්ගේ සම්මුතිය බරපතළ ලෙස උල්ලංඝනය කරනවා මේ රටේ රජය විසින් දැන් මේ වන විට. ඒ විතරක් නෙමෙයි එක්සත් ජාතීන්ගේ කෲර වද හිංසාවට එරෙහි සම්මුතියට අත්සන් කරපු රටක් වශයෙන් ඒ නීති උල්ලංඝනය කරනවා.
සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුති පනතට අත්සන් කරපු රටක් වශයෙන් ඒ ජාත්‍යන්තර නීතිය අපි උල්ලංඝනය කරනවා. ඉතින් ඒක නිසා අනුර කුමාර ජනාධිපතිතුමනි, ජනාධිපති ධූරය කියන්නේ සක්විති රජකම නෙමෙයි හැමදාම තියෙන. ඒක නිසා මතක තියාගන්න ඔබතුමා නීතියට යටත්. ඔබතුමා මේ බලයට එන්න ඉස්සෙල්ලා කියපු දේ තමයි ජනාධිපතිවරයා නීතියට යටත් කියන දේ. එහෙම නම් ජනාධිපතිතුමනි, මිනිහෙකුට කෲර වධහිංසා කරන්න ඉඩ දීලා තමන්ගේ අත්සන යොදලා ඒ මිනිහට තව වධ හිංසා දෙන්න කාලය දික් කරලා දුන්නට ඒකට ඔබතුමාටත් යම් දවසකදි නීතියට උත්තර බඳින්න වෙනවා. ඒ විතරක් නෙමෙයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට පොලිසියේ නිලධාරීන්ට අපි කියනවා මේ ඔබට මා කියපු නීති රීති අනුව මතක තියාගන්න ඉහළින් ඕඩස් ආපු පලියට මේවා කරන්න යන්න එපා. මොකද දවසක මේ සලේට වඩා අමාරුවේ වැටෙන්න සිද්ධ වෙනවා මේවට අනුබල දෙන මේ සියලුම නිලධාරීන්ට. සලේව රඳවාගෙන සිටි අංශයේ සියලුම නිලධාරීන්ට මේ කෲර වද හිංසනය ගැන දවසක උත්තර බඳින්න සිද්ධ වෙනවා. ඉතින් ඒක නිසා අපි කියන්න කැමතියි අපි දැඩි ලෙස හෙළා දකිනවා. මේ ක්‍රියාදාමය පිළිකුල්, මිලේච්ඡ බාබේරියන් යුගයට යන ක්‍රියාදාමයක් විදිහට තමයි අපි මේක දකින්නේ.'' යනුවෙන්.