රඳවා සිටින කුටිය තුළ සුරේෂ් සලේට මොකද වුණේ - මානව හිමිකම් කොමිසම විශේෂ විමර්ශනයක් අරඹයි

Report

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන පිළිබඳ කරුණු දැක්වීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ  නිලධාරීන්ට මෙම සතිය තුළ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා සඳහන් කළේ, සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් ඔහුගේ ඥාතීන් විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව කොමිෂන් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවය.

එම විමර්ශනවල කොටසක් ලෙස මානව හිමිකම් කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් පසුගිය දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් සුරේෂ් සලේ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, ඔහු රඳවා සිටි කුටිය ආසන්නයේ සිටි තවත් සැකකරුවන් කිහිපදෙනෙකුගෙන් ද තොරතුරු ලබාගෙන ඇති බව වාර්තා වේ.

රට රැක්ක සුරේෂ් සලේ වෙනුවෙන් ජීවිතේ අත්හරින්න වුණත් සූදානම් මිනිස්සු ඕනි තරම් ඉන්නවා - ගම්මන්පිල

රට රැක්ක සුරේෂ් සලේ වෙනුවෙන් ජීවිතේ අත්හරින්න වුණත් සූදානම් මිනිස්සු ඕනි තරම් ඉන්නවා - ගම්මන්පිල

මීට අමතරව, ඊයේ (08) දිනයේ ද කොමිෂන් සභාවේ නිලධාරීන් පිරිසක් කොළඹ ජාතික රෝහල වෙත ගොස් සුරේෂ් සලේ මහතාගේ තත්ත්වය පිළිබඳ සොයා බැලීම් සිදුකර තිබේ.

අදාළ විමර්ශන සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පසුගිය සතියේ මානව හිමිකම් කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණද, එදිනට සහභාගි විය නොහැකි බව දන්වමින් ඔවුන් වෙනත් දිනයක් ඉල්ලා ඇති බව සඳහන්ය.

ඒ අනුව, විමර්ශන භාර නිලධාරියා ඇතුළු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට මෙම සතිය තුළ මානව හිමිකම් කොමිෂන් සභාව හමුවේ පෙනී සිටින ලෙස නැවත දැනුම් දී ඇති බව කොමසාරිස් නිමල් ජී. පුංචිහේවා මහතා පැවසීය.

ආණ්ඩුවට ඩයස්පෝරාව දුන්න මුදල්වලටයි, ඡන්දවලටයි හිලව්වෙන්න රණවිරු බිල්ලක් ඉල්ලලා - සංජීව එදිරිමාන්නගෙන් හෙළිදරව්වක්

ආණ්ඩුවට ඩයස්පෝරාව දුන්න මුදල්වලටයි, ඡන්දවලටයි හිලව්වෙන්න රණවිරු බිල්ලක් ඉල්ලලා - සංජීව එදිරිමාන්නගෙන් හෙළිදරව්වක්

අද දවස උඩුයටිකුරු කරන ග්‍රහ මාරුව - ලග්න 3කට මහා ධන යෝග.. ඔබේ ලග්නයත් ඒ අතරද?

අද දවස උඩුයටිකුරු කරන ග්‍රහ මාරුව - ලග්න 3කට මහා ධන යෝග.. ඔබේ ලග්නයත් ඒ අතරද?