වැඩි කරපු වැටුප ආයේ නැවතෙනවද? පාර්ලිමේන්තුවෙදි මේ අයගේ වැඩි කළ වැටුප් ගැන පැහැදිලි කිරීමක්

Report

අද(09) දින පාර්ලිමේන්තුවේදී වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතාගෙන් ක්‍රිෂ්ණන් කලෙයි චෙල්ලි පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය විසින් අතුරු ප්‍රශ්නයක් යොමු කරමින් අසා සිටියේ,

" නව වැටුප් වැඩි කිරීම නීත්‍යානුකූල නොවන බවට විපක්ෂයේ සමහර පක්ෂවල මන්ත්‍රීවරු ප්‍රශ්න කිරීම සහ පැමිණිලි කිරීම දක්නට ලැබෙනවා. ඒ අනුව වතු කම්කරුවන්ට ගෙවන වැටුප ඉදිරියේදී ගැටලු සහගත විය හැකිද? "

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්

හිටපු නියෝජ්‍ය ඇමති සරණ ගුණවර්ධනට වසර 4ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්

ඊට පිළිතුරු ලෙස සමන්ත විද්‍යාරත්න මහතා සඳහන් කළේ,

"මේ වැටුප් වැඩි කිරීම සඳහා රජයෙන් මිලියන පන්දාහක් වෙන්කරලා තියෙනවා අමාත්‍යාංශයට. රජය පංගුව හැටියට එක් කම්කරුවකුට දෛනිකව රුපියල් දෙසීයක් බැගින් ලබා දෙන්න. විපක්ෂයේ යම් යම් කණ්ඩායම් මේ සම්බන්ධයෙන් යම් යම් සැක සංකා වගේම විවිධ තැන්වල පැමිණිලි කිරීම් කර තිබුණා. අල්ලස් දුෂණයකට පැමිණිලි කළා, මේක මුදල් අමාත්‍යාංශයට පැමිණිලි කළා. පාර්ලිමේන්තුවේ යම් යම් කාරක සභාවල කතා කරලා මේක දෙන එක නීත්‍යානුකූල නෑ කියන තර්ක මතු කරා. නමුත් අපි කියන්න කැමතියි ඊට අඳාළ කැබිනට් තීරණ සහ මුදල් අමාත්‍යාංශයේ එකඟතා ලබා ගෙන තියෙනවා. මේවා නිත්‍යානුකූල විදිහට කරේ. කරපු පැමිණිලි කිසි දෙයක් වලංගු වෙන්නේ නෑ. මේ වෙන කොටත් මාස පහක් වැටුප් ලබා දීලා තියෙනවා. ඒ නිසා කිසිම ප්‍රශ්නයක් ඉස්සරහට කම්කරුවන්ට වෙන්නේ නැහැ. මොකද අපි මිලියන පන්දාහක් වෙන්කරලා තියෙනවා. අපි වතු කම්කරුවන්ට ලබා දෙනවා කියපු වැටුප අඛණ්ඩව ඉදිරියටත් ලබා දෙනවා."

අමෙරිකාවටත් ඇති වෙයි - යළි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කළ නොහැකි බවට ලිපියකින්ම දන්වයි

අමෙරිකාවටත් ඇති වෙයි - යළි පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්‍ෂණ කළ නොහැකි බවට ලිපියකින්ම දන්වයි

ආණ්ඩුවට ඩයස්පෝරාව දුන්න මුදල්වලටයි, ඡන්දවලටයි හිලව්වෙන්න රණවිරු බිල්ලක් ඉල්ලලා - සංජීව එදිරිමාන්නගෙන් හෙළිදරව්වක්

ආණ්ඩුවට ඩයස්පෝරාව දුන්න මුදල්වලටයි, ඡන්දවලටයි හිලව්වෙන්න රණවිරු බිල්ලක් ඉල්ලලා - සංජීව එදිරිමාන්නගෙන් හෙළිදරව්වක්