සුපිරි TikTok තරුවකට කරදරයක්
ලොව ජනප්‍රියම TikTok පෞරුෂය වන Khaby Lame, ෆෙඩරල් නියෝජිතයන් විසින් රඳවා තබා ගැනීමෙන් පසු එක්සත් ජනපදයෙන් පිටව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉකුත් සිකුරාදා (06) ලාස් වේගාස් හි හැරී රීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී ඔහුගේ වීසා බලපත්‍රයේ නියමයන් ඉක්මවා රැඳී සිටීම හේතුවෙන් රඳවා ගත් බවයි ආගමන සහ රේගු බලාත්මක කිරීමේ (ICE) ප්‍රකාශකයෙකු ස්කයි පුවත් සේවය වෙත සඳහන් කර තිබුණේ.
සෙරින්ජ් කබානේ ලේම් ලොව පුරා TikTok අනුගාමිකයින් මිලියන 162.2ක් සිටින සෙනගාලියානු-ඉතාලි ජාතික මෙම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ 25 හැවිරිදි ඔහු ඉකුත් අප්‍රේල් 30 වැනි දා එක්සත් ජනපදයට පැමිණ ඇති අතර, වීසා නීති උල්ලංගණය කිරීමේ චෝදනාවට ලක් වුව ද ස්වේච්ඡාවෙන් පිටවීම නිසා පිටුවහල් කිරීමේ නියෝගයක් නොමැතිව රටින් පිටවීමට අවසර ලබා දී ඇති බවයි.
සාමාන්‍ය එක්සත් ජනපද නීතිය අනුව පිටුවහල් කිරීමේ නියෝගයක් ඇති අයට දශකයක් දක්වා නැවත එක්සත් ජනපදයට ඇතුළුවීමට අවසර දීම වළක්වාලිය හැකියි.
එක්සත් ජනපදයේ සිටිය දී Lame, නිව් යෝර්ක් නගරයේ මෙට් ගාලා සහ මෙට්‍රොපොලිටන් කලා කෞතුකාගාරයේ ඇඳුම් ආයතනයේ ප්රතිලාභ උත්සවයට සහභාගී වී තිබුණා.
COVID-19 වසංගතය අතරතුර ඔහු අන්තර්ජාලය හරහා ප්‍රසිද්ධියට පත් වූ අතර, මිලියන සංඛ්‍යාත අනුගාමිකයන් TikTok තුළ සිටින ඔහු 2022 දී නිර්මාණකරු සන්නාමයක් වන හියුගෝ බොස් සමග බහු-වසර හවුල්කාරිත්වයක් අත්සන් කළා.
එසේ ම ඔහු මෙම වසරේ ජනවාරි මාසයේ දී යුනිසෙෆ් සුහද තානාපතිවරයෙකු ලෙස පත් කරනු ලැබුවා.
