රටම කතා වුණ.. සුජීව සේනසිංහ සතු V8 සැප රියට මොකද වුණේ?. නියෝගයක් එක්ක.. අද හවස වුණ දෙය මෙන්න..

Report

අද (11) පස්වරුවේ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා සතුව තිබූ ප්‍රශ්නගත V8 රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බව වාර්තා වේ.

එම රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේ ය.

එවලෙ පියුමි හංසමාලි ගෙදර ඉදලා නෑ.. නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට මොකද වෙන්නේ?. අද ලැබුණ හදිසි නියෝගය මෙන්න..

එවලෙ පියුමි හංසමාලි ගෙදර ඉදලා නෑ.. නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලිට මොකද වෙන්නේ?. අද ලැබුණ හදිසි නියෝගය මෙන්න..

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා සන්තකයේ පවතින්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ ශ්‍රී රංගා මහතා සතුව තිබූ, රිය අනතුරකින් මනුෂ්‍ය මරණයක් සිදුකිරීමකට අදාළව නඩු භාණ්ඩයක් වූ මෝටර් රථය බව ය.

නීතිවිරෝධීව එකලස් කරන ලද ටොයෝටා V8 සුඛෝපභෝගී ජීප් රථයක් ඇති බවට ලද තොරතුරකට අනුව වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය ඉකුත් නොවැම්බර් 02 වැනිදා හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතාගේ නිවස පරික්ෂා කර තිබෙනවා.

එහිදී සැකකටයුතු මෝටර් රථය හමුවී තිබුණේ නැත.

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරින් සුජීව සේනසිංහ මහතාට අයත් කොල්ලුපිටියේ නිවසක් පරීක්ෂා කළේ ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය එම නිවසේ ගාල්කර ඇති බවට තොරතුරු ලැබී තිබු තොරතුරු අනුව වේ.

වහාම කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට.. වෙලා තියෙන දෙය මෙන්න..

වහාම කොච්චිකඩේ පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට.. වෙලා තියෙන දෙය මෙන්න..

එහිදී සොයාගැනුණු ජීප් රථය රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර වාර්තාවක් කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.

එම නියෝගය ප්‍රකාරව ප්‍රශ්නගත මෝටර් රථය සුජීව සේනසිංහ මහතා විසින්ම රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

නොවැම්බර් 11 සුබ දවසෙම.. ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. වුණ දෙය මෙන්න..(PHOTO)

නොවැම්බර් 11 සුබ දවසෙම.. ඩොලරයට වුණේ මොකක්ද දන්නව ද?. වුණ දෙය මෙන්න..(PHOTO)

අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට වැඩිදුර විමර්ශන වාර්තාවක් මගින් විමර්ශනවල ප්‍රගතිය වාර්තා කළේය.

කෙසේ වෙතත්, ඒ අනුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලු කොළඹ කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ප්‍රශ්නගත සුඛෝපභෝගී මෝටර් රථය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝගයක් නිකුත් කළා ය.