පාසල් මිතුරත් සමඟ 67 මහලින් පැන්න සිසුවිය පාසලෙන් ඉවත් කරලද? - තොරතුරු රැසක් සමඟ CCTV දර්ශන එළියට. - (CCTV VIDEO)

Sri Lanka Police Mysterious Death
By Wayomi Jul 04, 2024 12:04 PM GMT
Wayomi

Wayomi

Report

තම පාසල් මිතුරා ද සමග කොම්පඤ්ඤවීදියේ පිහිටි සුපිරි මහල් නිවාසයක 67 වැනි මහලෙන් බිමට පැන සියදිවි හානිකරගත් බවට සැකකරන 15 හැවිරිදි ශිෂ්‍යයාව මීට පෙර අවස්ථාවකදී ද සියදිවි හානිකර ගැනීමට උත්සාහ කර තිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති බවට ආරංචි මාර්ග සඳහන් කරනවා.

ඇත්තටම හෙට දිවයින පුරා පාසල් වැසෙයිද? - හෙට ගුරුවරු ඇතුළු රටපුරා වෘතිකයන් රැසක් කරන්න යන වැඩේ මෙන්න. - (VIDEO)

ඇත්තටම හෙට දිවයින පුරා පාසල් වැසෙයිද? - හෙට ගුරුවරු ඇතුළු රටපුරා වෘතිකයන් රැසක් කරන්න යන වැඩේ මෙන්න. - (VIDEO)


කොළඹ කුරුඳුවත්තේ පිහිටි ජාත්‍යන්තර පාසලක 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි මෙම ශිෂ්‍යාව සහ ශිෂ්‍යයා දිවි හානිකර ගැනීමට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

යළිත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.

යළිත් අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල අඩු කෙරේ. - එම ලැයිස්තුව මෙන්න.


පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලදී මෙම ශිෂ්‍යාව සහ ශිෂ්‍යා අතර ප්‍රේම සම්බන්ධයක් තිබූ බවට ද විවිධ ආරංචි මාර්ග පවසනවා.

එහෙත් මෙම ශිෂ්‍යයාව සහ ශිෂ්‍යයා බිමට පැන්න 67 වැනි මහලේ බැල්කනියේ තිබී ඔවුන් දෙදෙනාගේ සපත්තු යුගල, මුදල් පසුම්බි, ජංගම දුරකථන සහ ඩන්හිල් සිගරැට් පැකැට්ටුවක් පොලිසිය මගින් සොයාගෙන තිබෙනවා.

වැඩි පිරිසකට EPF - විශ්‍රාම වැටුප් නෑ කියලා දැන් බය වෙන්න ඕන නෑ.

වැඩි පිරිසකට EPF - විශ්‍රාම වැටුප් නෑ කියලා දැන් බය වෙන්න ඕන නෑ.


පොලිස් ආරංචි මාර්ග පවසන අන්දමට මෙසේ සියදිවි හානිකරගත් බවට සැකකරන ශිෂ්‍යයා සහ ශිෂ්‍යයාව වැල්ලවත්ත සහ කැලණිය ප්‍රදේශවල දරුවන් දෙදෙනක්.

මොවුන් කුරුඳුවත්තේ ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබමින් සිට ඇති අතර ඉමාම් නමැති පාකිස්තානු ජාතික ශිෂ්‍යයකු මෙම ශිෂ්‍යාව සහ ශිෂ්‍යයා අධ්‍යාපනය ලැබූ පන්තියේ ඔවුන් සමග එකට සිට ඇත.

ඉමාම් නමැති ශිෂ්‍යාගේ පියාට අයත් සුපිරි නිවසක් කොම්පඤ්ඤවීදිය සුපිරි මහල් නිවාසයේ තිබී ඇති අතර ඔවුන් පදිංචිව සිට ඇත්තේ එම නිවසේය.

හිරුණිකාගේ දරු දුකට සිත උණු වෙයිද? වසර තුනේ සිර දඬුවමට මොකක් වෙයිද? - ලබන 11 වෙනිදට වෙන්න යන දේ මෙන්න.

හිරුණිකාගේ දරු දුකට සිත උණු වෙයිද? වසර තුනේ සිර දඬුවමට මොකක් වෙයිද? - ලබන 11 වෙනිදට වෙන්න යන දේ මෙන්න.


 ඉමාම්ගේ හිතවත්කම මත දිවි හානිකර ගත් මෙම ශිෂ්‍යයාව සහ ශිෂ්‍යයා නිතර නිතර මෙම සුපිරි මහල් නිවාසය වෙත පැමිණ තිබෙනවා.

එමෙන්ම එම මහල් නිවාසයේ ආරක්ෂක නිලධාරීන්ට ඉමාම් පවසා ඇත්තේ තම මිතුරන් පැමිණියහොත් ඔවුන්ට මහල් නිවාසයට ඇතුළුවීමට ඉඩ ලබාදෙන ලෙසයි.

ඒ අනුව පෙරේදා (02දා) සවස පාසල නිමවී මෙම ශිෂ්‍යයාව සහ ශිෂ්‍යයා ත්‍රීරෝද රථයකින් මහල් නිවාසය වෙත පැමිණ ඇති අතර ඔවුන් මහල් නිවාසයේ පස්වැනි මහලේ පිහිටි කායවර්ධන මධ්‍යස්ථානයේ නේවාසිකාගාරය වෙත ගොස් පාසල් නිල ඇඳුම් ඉවත් කර වෙනත් ඇඳුම් ඇඳගෙන විදුලි සෝපානයෙන් 67 වැනි මහල වෙත ගොස් ඇත. ඉමාම් පදිංචි නිවස තිබී ඇත්තේ 65 වැනි මහලේ වේ.

රාජකාරි අතරතුර OIC ට මාරාන්තික ප්‍රහාරයක්. - (PHOTOS)

රාජකාරි අතරතුර OIC ට මාරාන්තික ප්‍රහාරයක්. - (PHOTOS)


එහිදී මොවුන් තමන් සතුව තිබූ සියලු භාණ්ඩ බැල්කනියේ තබා 67 වැනි මහලෙන් බිමට පැන ඇති බව පොලිසිය පවසන අතර ඔවුන්ගේ සිරුරු මහල් නිවාසයේ තුන්වැනි මහලේ බිම වැටී තිබී සොයාගෙන තිබෙනවා.

මෙම සිද්ධිය වූ දින මරුමුවට පත්වූ ශිෂ්‍යයාව, ඇය අධ්‍යාපනය ලබමින් සිටි පාසලෙන් ඉවත් කර තිබූ බවට පොලිසිය වෙත ලැබුණු තොරතුරක් මත ඒ පිළිබඳව විමර්ශන පවත්වන බව ද ආරංචි මාර්ග පවසනවා.   

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.

පාසල් වැසීම සහ අධ්‍යයන කටයුතු පැවැත්වීම ගැන ජනපතිගෙන් දැඩි තීරණයක්. - ගුරුවරුන්ට වෙන්න යන දේ.