පාසලක විශ්වාසය බිඳෙයි - ලිංගික අතවරයකට පීඩා විඳි සිසුවියක් ගිනි තබාගනී

Report

ඉන්දියාවේ ඔඩිෂා ප්‍රාන්තයේ සිසුවියක විදුහල්පතිවරයකුගේ ලිංගික හිරිහැරයට එරෙහිව ගිනි තබාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කළ සිද්ධියක් වාර්තා වී තිබේ.

පරීක්ෂණවලින් හෙළි වී ඇත්තේ, විදුහල්පතිවරයාගේ අනිසි හැසිරීම් හේතුවෙන් මෙම සිසුවිය මෙවැනි බරපතල පියවරකට එළඹ ඇති බවයි. ඉන්දීය මාධ්‍ය වාර්තා පවසන පරිදි, එම සිසුවිය පිළිස්සුම් තුවාල සහිතව රෝහලක ප්‍රතිකාර ලබමින් සිටී.

රථ වාහන වෙළඳපොලට තවත් පහරක්? – වරාය තුළ සිරවුණු වාහන 1,000ක්

රථ වාහන වෙළඳපොලට තවත් පහරක්? – වරාය තුළ සිරවුණු වාහන 1,000ක්

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කර ඇති අතර, ඔහුට එරෙහිව දැඩි නීතිමය පියවර ගෙන ඇති බව ඔඩිෂා ප්‍රාන්ත උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

මීට අමතරව, සිද්ධිය ඇතිවූ අවස්ථාවේදී සිසුවිය බේරා ගැනීමට උත්සාහ කිරීමේදී තවත් සිසුවකු ද පිළිස්සුම් තුවාල ලබා ඇති බව වාර්තා වේ. එම සිසුවා ද වර්තමානයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පවසයි.

මෙම සිදුවීම ඔඩිෂා ප්‍රාන්තයේ අධ්‍යාපන ආයතනවල සිසුන්ගේ ආරක්ෂාව සහ ලිංගික හිරිහැර වැළැක්වීමේ පියවරවල ඌනතා පිළිබඳව බරපතල කතිකාවක් ඇති කර ඇත.

කොටුවේ ඉන්න ත්‍රීවිල් චණ්ඩින්ට වැඩ වරදින ලකුණු

කොටුවේ ඉන්න ත්‍රීවිල් චණ්ඩින්ට වැඩ වරදින ලකුණු