විදුලිබල ක්ෂේත්‍රයේ ව්‍යුහය වෙනස් කර දක්ෂ දැනුම ඇති අයට නව අවස්ථාවන් ලැබිය යුතු‍යි - බලශක්ති ඇමති

Report

බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා විසින් විදුලිබල ක්ෂේත්‍රය යාවත්කාලීන නොවීම හා දරාගත නොහැකි මට්ටමේ අකාර්යක්ෂමතාවය, කලක් තිස්සේ එක තැන පල්වෙන නිලධාරිවාදය හා බැදුණු ආයතන ව්‍යුහය නිසාද සිදුවූ හෙයින් එම ව්‍යුහයන් වෙනස් කරමින් විවිධ ක්ෂේත්‍රවල සුදුසුකම් ඇති දක්ෂ හා විශේෂඥ දැනුම ඇති අයට විදුලිබල ක්ෂේත්‍රයේ නව අවස්ථාවන් ලැබිය යුතු යැයි වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක් වශයෙන් තමන් විශ්වාස කරන බව ප්‍රකාශ කළා.

ඒ ඊයේ දින (25) බත්තරමුල්ල පරිසර අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ පැවති බලශක්ති කාර්යක්ෂමතාවෙන් යුත් විදුලි උපකරණ ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් සංවිධානය කළ වායුසමීකරණ යන්ත්‍ර සදහා විදුලි කාර්යක්ෂමතා ලේබල් හදුන්වා දීම හා සම්බන්ධ වැඩසටහනට එක්වෙමින්.

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

එම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා ඒ අනුව පවසා සිටියේ,

'‘පසුගිය දිනවල මා ඉන්දියාවේ සංචාරයක යෙදුණා. විදුලිබල ක්ෂේත්‍රයේ ඔවුන් ලබා ඇති දියුණුව ඉතා ඉහළයි. නවීන තාක්ෂණය හා නව සංකල්ප භාවිතා කරමින් ක්ෂේත්‍රයේ ලොකු ගමනක් යන්න ඔවුන්ට පුළුවන් වෙලා තියෙනවා. විදුලි ක්ෂේත්‍රය හා සම්බන්ධ ආයතන වල පරිපාලන ව්‍යුහයන් එහිදී විශාල වැදගත් කමක් දරන බව තමන්ට පෙනී ගිය බවද එබැවින් විදුලිබල ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල අඛණ්ඩව ක්‍රියාත්මක කරමින් එම ක්ෂේත්‍රයේ අඛණ්ඩ වර්ධනය වෙනුවෙන් ක්‍රියාකරනවා"

බලශක්ති කාර්යක්ෂමතාව ප්‍රවර්ධන වැඩපිළිවෙල යටතේ වායුසමීකරණ යන්ත්‍රවලට බලශක්ති ලේබල් හදුන්වා දීම ඔස්සේ වෙළදපොළේ ඇති වායු සමීකරණ යන්ත්‍රවල කාර්යක්ෂමතාව ඉහළ දැමීමත් ජාතික ලෙස විදුලි ඉල්ලුම කළමණාකරණය කර ගැනීමත්, පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට සහය වීම තුළින් පරිසර ඉලක්ක ජය ගැනීමට දායකවීමත් බලාපොරොත්තු වේ.

අද රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දවසක් සූදානම්වන්න

අද රාජ්‍ය නිලධාරීන්ට විශේෂ දවසක් සූදානම්වන්න

එසේම මෙම අවස්ථාව සඳහා ශ්‍රි ලංකා සුනිත්‍ය බල අධිකාරිය ජාතික ප්‍රමිති ආයතනය ලංකා විදුලි සමාගම ඇතුළු ආයතන රැසක ප්‍රධානීන් වායුසමීකරණ යන්ත්‍ර නිෂ්පාදන හා බෙදාහැරීමේ සමාගම් ඇතුළු ක්ෂේත්‍රයේ පාර්ශවකරුවන් රැසක් සහභාගී වී ඇත.

අද මේ ලග්නවලට මල් හතයි, කරන කියන හැමදේම සුබයි

අද මේ ලග්නවලට මල් හතයි, කරන කියන හැමදේම සුබයි