මේ පැති ප්‍රවේශමෙන් - අවදානම් නිවේදන නිකුත් වේ

Report

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

අද (04) මධ්‍යහන 12.00 ට නිකුත් කරන ලද එම නිවේදනය අද රාත්‍රී 11.00 දක්වා වලංගු වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම නිවේදනයේ දැක්වෙන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක සඳහා සැලකිලිමත් වන ලෙසය.

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - සුරක්ෂා රක්ෂණයෙන් මුදල් සහන

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - සුරක්ෂා රක්ෂණයෙන් මුදල් සහන

බස්නාහිර සහ සබරගමුව පළාත් සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.