ටොයොටා කර්මාන්තශාලාවල නිෂ්පාදනයට දැඩි බලපෑමක්

By Shehan Sep 26, 2025 08:00 AM GMT
Report

බ්‍රසීලයේ සාඕ පවුලෝ ප්‍රාන්තයේ සොරොකාබා හි ක්‍රියාත්මක වන ජපන් මෝටර් රථ නිෂ්පාදක ටොයොටා සමාගමේ කර්මාන්තශාලාවල නිෂ්පාදනයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය දින දෙක තුළ කුණාටු හේතුවෙන් ඇති වූ තද වැසි සහ තද සුළං මෙම කර්මාන්තශාලාවලට සැලකිය යුතු හානියක් සිදු කර ඇති අතර, මෝටර් රථ නිෂ්පාදනය දැඩි ලෙස බලපෑම් ලබා ඇත.

පෝර්ටෝ ෆෙලිස් (Porto Feliz) එන්ජින් කම්හල ඇතුළු කම්හල් දෙකක මෝටර් රථ නිෂ්පාදනය නතර කර ඇති බව වාර්තා වේ.

 කුණාටුව හේතුවෙන් සේවකයින් 30 දෙනෙකු තුවාල ලබා ඇති බවද සඳහන් වේ.

ටොයොටා කර්මාන්තශාලාවල නිෂ්පාදනයට දැඩි බලපෑමක් | Storm Hits Toyota Production In Brazil

ඊට අමතරව, ටොයොටා කළමනාකාරිත්වය ඔක්තෝබර් 16 වැනි දින දේශීය වෙළඳපොළ සඳහා යාරිස් ක්‍රොස් (Yaris Cross) නමින් නව මෝටර් රථ ආකෘතියක් හඳුන්වා දීමට සැලසුම් කර තිබූ නමුත්, මෙම සැලැස්ම දින නියමයක් නොමැතිව කල් දමා ඇති බව සැලකිය යුතු කරුණකි.

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

මේ වාහන ගත්ත අයට අසුබ ආරංචියක්, කළ යුතු දේ දැනුම් දෙයි

ජාත්‍යන්තර බැංකුවක් ලංකාව සම්පූර්ණයෙන්ම අතහැරිල යයි

ජාත්‍යන්තර බැංකුවක් ලංකාව සම්පූර්ණයෙන්ම අතහැරිල යයි

ජනාධිපති මන්දිර 8ක් නඩත්තුවට රු. මිලියන 80ක්

ජනාධිපති මන්දිර 8ක් නඩත්තුවට රු. මිලියන 80ක්