බිත්තර, කුකුළු මස්, ඌරුමස් මිලට වෙන්න යන දේ ගැන දැනුවත් කිරීමක්
බිත්තර, කුකුළු මස් හා ඌරුමස් පාරිභෝගිකයාට පහසුව මිලදී ගත හැකි හා නිෂ්පාදකයා ආරක්ෂා වන ලෙස ස්ථාවර වෙළඳ පොළ මිලක් පවත්වාගෙන යාම අරමුණු කර ගත් සාකච්ඡාවක් ඉකුත් දින පවත්වා තිබෙනවා.
ඒ සමස්ත ලංකා සත්ත්ව නිෂ්පාදන හා පොදු ප්‍රවාහකයන්ගේ ගොවි සංවිධානය හා ශ්‍රීලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්වේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය කේ.කේ. සරත්ගේ සහභාගිත්වයෙන්.
රට පුරා ජාඇළ දඩුගම කේන්ද්‍ර කරගනිමින් සත්ව ප්රවාකයන් ක්‍රියාත්මක වන අතර රට පුරා ඇති පශූ සම්පත් ගොවිපළවල ඌරන්, කුකුළන් හා බිත්තර ඔවුන් ප්‍රවාහනය කරයි.
එසේම සතුන් ප්‍රවාහනයේදී ඇති ගැටලු මෙන්ම සතුන් නිෂ්පාදනයේදී පශූ ගොවීන් මුහුණ පාන ගැටළු ගැන ද මෙහිදී අදහස් හුවමාරු වී තිබෙනවා.
ඉකුත් කාලයේ රටපුරා සූකර ගොවිපළවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය සම්පුර්ණයෙන් තවමත් පාලනය නොවීම, බිත්තර කුකුල් මස් හා ඌරුමස් මිල නිතර වෙළෙඳපොළ තුළ අසාමාන්‍ය ආකාරයට උච්චාවචනය වීම පාලනය කිරීම සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමු විය.
ඒ අනුව මෙහිදී ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ මේ සදහා ක්‍රියාත්මක වන අනෙකුත් රාජ්‍ය ආයතන හා සාකච්ඡා කරමින් මෙයට වහාම පිළිතුරු ලබා දීමට ක්‍රියාත්මක වන බවයි.
අඳාළ සාකච්ඡාවට සමස්ථ ලංකා සත්ත්ව නිෂ්පාදන ප්‍රවාහන ගොවි සංවිධානයේ සභාපති කුලරාජා පෙරේරා ඇතුළු නිලධාරීන් සහභාගී වී ඇත.