වසර 12කට පසු නවසීලන්තය පරාජය කරමින් ශ්‍රී ලංකාවට එක්දින තරගාවලි ජයක්..

Cricket Sri Lanka Cricket Sri Lanka New Zealand Cricket Team Sports
By Piyumika Nov 18, 2024 02:04 AM GMT
Piyumika

Piyumika

Report

 කුසල් මෙන්ඩිස්ගේ ඉනිමත් සමඟ නවසීලන්තය සමඟ පැවති දෙවන එක්දින තරගය තියුණු සටනකින් පසු ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (17) රාත්‍රියේ හැකියාව ලැබුණා.

නවසීලන්තය පරාජය කරමින් ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ශ්‍රී ලංකාව මෙම තරගය ජය ගත්තේ කඩුලු තුනකින්.

ඒ අනුව මෙම ජයග්‍රහණයත් සමඟ තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරග දෙකම ජයගත් ශ්‍රී ලංකාව තරගාවලියේ ජය ද හිමිකර ගත්තා.

මේ මාර්ගය භාවිතා කරන්නන් ප්‍රවේසමෙන්..

මේ මාර්ගය භාවිතා කරන්නන් ප්‍රවේසමෙන්..

ශ්‍රී ලංකා කණ්ඩායම එක්දින තරගාවලියක දී නවසීලන්තය පරාජය කළේ වසර 12කට පසුව වීම ද විශේෂත්වයක්.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා.

එම ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් නවසිලන්ත ඉනිමට අවස්ථා දෙකක දී වර්ෂාවෙන් බාධා එල්ල වුණා. ඒ, සමඟ තරගය පන්දුවාර 47කට සීමා කිරීමටයි තරග තීරකවරයා තීරණය කළේ.

මන්නාරමේ යුධ හමුදා කඳවුරක හදිසි තත්වයක්..තත්ත්වය පාලනයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරයි..

මන්නාරමේ යුධ හමුදා කඳවුරක හදිසි තත්වයක්..තත්ත්වය පාලනයට ගත හැකි සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරයි..

ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේ ආක්‍රමණශීලි පන්දු යැවීම සහ පන්දු රකින්නන්ගේ දක්ෂ පන්දු රැකීම හමුවේ නවසීලන්ත ඉනිම පන්දුවාර 45යි එක් පන්දුවක් තුළ සියලුදෙනා දැවී ලකුණු 209 කට සීමා වුණා.

Will Young ලකුණු 26ක්ද, Tim Robinson ලකුණු 04ක්ද, Henry Nicholls ලකුණු 08ක්ද, Mark Chapman ලකුණු 76ක්ද, Glenn Phillips ලකුණු 15ක්ද, නායක Mitchell Santner ලකුණු 06ක්ද, Mitchell Hay ලකුණු 49ක් ද රැස් කළා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ජෙෆ්‍රි වැන්ඩසේ සහ මහීෂ් තීක්ෂණ කඩුළු 03 බැගින්ද, අසිත ප්‍රනාන්දු කඩුළු 02ක් ද, දුනිත් වෙල්ලාලගේ සහ චරිත් අසලංක එක් කඩුල්ල බැගින්ද දවාගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට පිළිතුරු ඉනිම සඳහා ලකුණු 210ක ඉලක්කයක් හිමිවූ අතර, ඔවුන් පන්දුවාර 46ක් අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 210ක් රැස් කරගත්තා.

පිළිතුරු ඉනිම ආරම්හ කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ද නවසීලන්ත දඟ පන්දු යවන්නන්ගෙන් ප්‍රබල පීඩනයක් එල්ල වූ ආකාරයයි දැකගත හැකි වුණේ.

බුදු අම්මෝ මේ වගේ දේවල් බයිසිකලයකින් ගෙනියයි කියල හිතන්නවත් බැහැ..

බුදු අම්මෝ මේ වගේ දේවල් බයිසිකලයකින් ගෙනියයි කියල හිතන්නවත් බැහැ..

මෙහිදී ශ්‍රී ලංකා පිතිකරුවන් එකිනෙකා දැවී යද්දී එක් අන්තයක් ආරක්ෂාකර ගනිමින් කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකා ඉනිම ජයග්‍රහණය කරා රැගෙන යෑමට කටයුතු කළා.

එහිදී ආබාධයක් ද සමඟ පිතිකරණයේ යෙදුනු මෙන්ඩිස් නොදැවී පන්දු 102කට මුහුණ දෙමින් ලකුණු 74ක් රැස් කළා.

පැතුම් නිස්සංක ලකුණු 28ක්ද, අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 05ක්, නායක චරිත් අසලංක ලකුණු 13ක්, සධීර සමරවික්‍රම ලකුණු 08ක්, ජනිත් ලියනගේ ලකුණු 22ක්, දුනිත් වෙල්ලාලගේ ලකුණු 18ක් සහ මහීෂ් තීක්ෂණ නොදැවී ලකුණු 27ක් කණ්ඩායම වෙනුවෙන් රැස් කිරීමට සමත් වුණා.

පන්දු යැවීමේදී Michael Bracewell කඩුළු 04ක් සහ Mitchell Santner, Glenn Phillips, Nathan Smith අතරේ කඩුළු 01 බැගින් බෙදී ගියා

Sri Lanka Parliamentary Election 2024

  • NPP 0
    Jathika Jana Balawegaya
    0%
  • SJB 0
    Samagi Jana Balawegaya
    0%
  • NDF 0
    New Democratic Front
    0%
  • ITAK 0
    Ilankai Tamil Arasu Kadchi
    0%
ReeCha