බුදු අම්මෝ මේ වගේ දේවල් බයිසිකලයකින් ගෙනියයි කියල හිතන්නවත් බැහැ..

By Piyumika Nov 18, 2024 01:48 AM GMT
Report

මල්ශාලාවකින් ඉවත්කරන මෘතදේහ කොටස් අවිධිමත් ලෙස බැහැර කිරීම සඳහා රැගෙනයමින් සිටි මල්ශාලා සේවකයෙක් වවුනියාව, තාණ්ඩිකුලම ප්‍රදේශයේ දී වවුනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා ඊයේ (16) පස්වරුවේ පාපැදියක කාඩ්බෝඩ් පෙට්ටියක් ගැටගසා; ඒ තුළ මෘතශරීර කොටස් දමාගෙන ඒවා තාණ්ඩිකුලම වැව මාර්ගය අසළට රැගෙනයමින් සිට ඇති බවයි පොලිසිය පවසන්නේ. පොලිසිය පැවසුවේ.

මෝටර් රථයක් යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු මරුට..අයෙකු මෝටර් රථයේ සවිකර තිබූ කැමරාව ගලවන් පැන ගිහින්..

මෝටර් රථයක් යතුරුපැදියක ගැටී පුද්ගලයෙකු මරුට..අයෙකු මෝටර් රථයේ සවිකර තිබූ කැමරාව ගලවන් පැන ගිහින්..

සුසාන භූමියක් වෙත ඉතා ආරක්ෂාකාරිව ඉවත්කළ යුතු මෘතශරීර කොටස් දුඟද වහනය වන අයුරින් අවිධිමත් ලෙස සැකකරු විසින් මෙලෙස ප්‍රවාහනය කර ඇති බවයි.

තාණ්ඩිකුලම ප්‍රදේශයේ ස්ථානයකට එම මෘතශරීර කොටස් ගිහින් දමන ලෙසට මල්ශාලාවේ හිමිකරු පවසා ඇති බවයි සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණය වී ඇත්තේ.

චීනය පිළිබද මතවාදී අදහස් දරන නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ තීරණය..

චීනය පිළිබද මතවාදී අදහස් දරන නව ජනාධිපති ට්‍රම්ප් ගැන චීනයේ තීරණය..

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා වවුනියාව, ගනේෂපුරම් ප්‍රදේශයේ පදිංචි 53 හැවිරිදි වියේ පසුවන අයෙක්.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර, සැකකරුට අවිධිමත් ලෙස මෘතශරීර කොටස් බැහැරකිරීමට නියෝග කළ මල්ශාලා හිමිකරුට එරෙහිව විමර්ශන සිදුකරන බව පොලිසිය සඳහන් කළා.