ඔබේ ජීවිතයට ආසාවක් තියේ නම් අද සිට මෙන්න මේ ප්‍රදේශ වලට යෑම දැඩි අවදානම්. - අද දවල් 12 වෙද්දී සිදු වූ දේ.

By Wayomi Aug 21, 2024 08:18 AM GMT
Report

අද (21) දහවල් වන විට අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක පවුල් 07ක සාමාජිකයින් 29 දෙනෙකු පිඩාවට පත්ව ඇති බවයි ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

මෙලෙස බලපෑමට ලක්ව ඇත්තේ හික්කඩුව, තවලම, ඇල්පිටිය සහ නියාගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පිරිසක්.

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

පෙට්‍රල් ලීටරයක් රු.114ට? - 195 ට ගෙනාපු එක රු.350ක් වුණේ කොහොමද?

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)

මාලිමාවෙන් රංජන්ට පාර්ලිමේන්තු වරමක්? - (VIDEO)


එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ, අද දහවල් වන විටත් ගිං ගඟේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට ඇදහැලන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නෙළුව, හිනිඳුම, තවලම ප්‍රදේශවල ගිං ගඟ අවට පහත් බිම්ද යටවෙමින් පවතින බවයි.

එමෙන්ම ගාල්ල දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ ධර්මසිරි කියා සිටියේ, ආපදාවට පත්ව සිටින පවුල් සඳහා අවශ්‍ය සහන සැලසීම සඳහා කඩිනම් පියවර ගෙන ඇති බවයි.

අද පෙරවරුවෙන් අවසන් වූ පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කය වැඩිම වර්ෂාපතනය තවලම ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර, එහි අගය මිලිමීටර 157.2ක්. බද්දේගමට මිලිමීටර 153.2 වර්ෂාපතනයක් ලැබී තිබෙනවා.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.

අක්කරයකට රුපියල් ලක්ෂයක්. - ජනාධිපතිත් කැමති වෙයි. - වගා කරුවන්ට මෙන්න සුබ ආරංචියක්.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.

හදිසියේම රු 10,000 සහනාධාරය 30,000ක් දක්වා වැඩි කෙරේ. - එය ලැබෙන්නේ මෙහෙමයි. - තවත් දෙයක් නොමිලේ.


මේ අතර, පවතින අධික වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගිං ගඟේ ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් නෙළුව ,තවලම, නාගොඩ නියාගම, වැලිවිටියේ දිවිතුර, ඇල්පිටිය, අක්මීමන, බද්දේගම, බෝපේ, පෝද්දල යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

එමෙන්ම ගිංගග අවට පහත්බිම් වල ජනතාව ගිංගග ආශ්‍රිතව ප්‍රධාන මාර්ග හා අතුරු මාර්ග භාවිතා කරන රියදුරන් මහජනතාව පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.   

ඇඹිලිපිටියේ සිට පෙම්වතුන් හමුවීමට ආ සොයුරියන් දෙදෙනා නොහිතපු ලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක්වෙලා.

ඇඹිලිපිටියේ සිට පෙම්වතුන් හමුවීමට ආ සොයුරියන් දෙදෙනා නොහිතපු ලෙස බරපතල ලිංගික අපයෝජනයට ලක්වෙලා.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.

TIN අංකය ගැන කළ විශේෂ දැනුම්දීමක්. -නැත්නම් දඩ හෝ සිර දඬුවම්. - කරන්න යන අලුත්ම වැඩේ මෙන්න.