මේ දිස්ත්‍රික්කවලට 2න් පස්සේ වලංගු වන නිවේදනයක් - ප්‍රවේශම් වන්නැයි දන්වයි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ප.ව 2.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව නිවේදනය කරයි.
එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතින බවට කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනයේ දක්වා ඇත.
අප්‍රේල් 15 වෙනකල් ලංකාවේ අක්ෂාංශවලට සෘජුවම ඉහළින් සූර්යයාගේ පැවතීම සිදුවෙයි - කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල අම්පාර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බැවින් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
එසේම දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, අප්‍රේල් මස 05 සිට 15 දක්වා දිනවලදී ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව වාර්තා වේ.
එමෙන්ම අද (09) දින දහවල් 12:12 ට හලාවත, බිංගිරිය, හල්මිල්ලවැව, පඬුවස්නුවර, ගොකරැල්ල, කවුඩුපැලැල්ල, කොප්පවේලි, සහ කිරන්කුලම් යන ප්‍රදේශවලට හිරු මුදුන් වනු ඇති බව සඳහන්.