කොළඹ වැටෙයිද? – හදිසි තත්ත්වය පිළිබඳව මෙන්න සත්‍යය

Colombo Power cut Sri Lanka Weather Latest Headlines Sinhala news
By Shehan May 30, 2025 02:36 PM GMT
Shehan

Shehan

Report

දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කොළඹ නගරයේ මාර්ග කිහිපයක රථවාහන ධාවනයට බරපතල බාධා ඇති වී තිබේ. අධික වර්ෂාව, ගංවතුර තත්ත්වයන් සහ තද සුළඟ හේතුවෙන් මාර්ග යට වතුරට යටවීමත්, ගස් කඩා වැටීමත් සිදුව ඇති බව වාර්තා වේ.

සියලු දෙනාම ප්‍රවේශමෙන්...දැනටමත් පස් දෙනෙක් රෝහලේ

සියලු දෙනාම ප්‍රවේශමෙන්...දැනටමත් පස් දෙනෙක් රෝහලේ

කොළඹ පොලිසිය පවසන පරිදි, රීඩ් මාවත, ජාවත්ත මාර්ගය, කිංසි - හෝර්ටන් ප්‍රදේශ ඇතුළු නගරයේ ප්‍රධාන මාර්ග කිහිපයක රථවාහන තදබදයක් හටගෙන ඇත. මේ හේතුවෙන් රියදුරන්ට හා මගීන්ට දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව ඇති අතර, ඇතැම් ප්‍රදේශවල රථවාහන චලනය සම්පූර්ණයෙන්ම ඇනහිට ඇති බවද පොලිසිය සඳහන් කරයි.

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්

කොළඹට හදිසි තත්වයක්.. විදුලියත් නෑ - හැමෝම පරිස්සමෙන්

අද (30) දින පෙරවරුවේ සිට වර්ෂාව තීව්‍ර වීමත් සමඟ මාර්ග තත්ත්වය තවදුරටත් අයහපත් වී ඇති අතර, බස්නාහිර පළාතේ බොහෝ ප්‍රදේශවලට බලපෑමක් එල්ල වී තිබේ. පොලිසිය හා පළාත් සභා බලධාරීන් එක්ව මාර්ගවල ජලය ඉවත් කිරීමට හා බාධා ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, රියදුරන්ගෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසත්, අනවශය ගමන් වළා ගන්නා ලෙසත් ඉල්ලීමක් කර තිබේ.

දිවයින පුරා ඇති වී ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් බොහෝ ප්‍රදේශවල විදුලිය ඇනහිටීම් සිදුවී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර ඇත.

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

අඛණ්ඩව පවතින අයහපත් කාලගුණය හේතුවෙන් විදුලි බිඳවැටීම් වැඩි වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ද ප්‍රකාශ කර ඇත.

තම ප්‍රදේශවල විදුලිය ඇනහිටීම් පිළිබඳව CEBCare ජංගම යෙදුම හෝ 1987 හදිසි දුරකථන අංකය අමතා දැනුම් දෙන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි...ජනතාව අවදානමෙන් (VIDEO)

කුණාටුව ශ්‍රී ලංකාවට ඇතුළු වෙයි...ජනතාව අවදානමෙන් (VIDEO)

 මේ සම්බන්ධයෙන් නවතම තොරතුරු ලබා ගැනීමට පොලිසියේ හදිසි ඇමතුම් අංක 119 හෝ පළාත් සභා බලධාරීන් අමතන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

ReeCha