ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

By Hashini May 30, 2025 08:36 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ සක්‍රීය නිරිත දිග මෝසම් කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 60 සිට 70 ක් පමණ දක්වා වැඩිවිය හැකි බවයි.

ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම් දෙන්නේ අදාළ මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙසයි.

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

දැන් ලැබුණු විශේෂ දැනුම් දීමක් - නායයාම අනතුරු ඇගවීම්

එසේම මන්නාරම සිට පුත්තලම, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර 3 ක් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවද කාලගුණ නිවේදනයේ සදහන් වනවා.

එමෙන්ම මන්නාරම සිට පුත්තලම, කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළබඩ ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක්ද පවතින බවත් එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ සඳහන්ව තිබෙනවා. 

තවත් හිටපු ඇමතිවරුන් බර ගානක් වැලිකඩ පෝලිමේ

තවත් හිටපු ඇමතිවරුන් බර ගානක් වැලිකඩ පෝලිමේ