පරිපාලන ගැටලු රැසක් මැද අර්බුදකාරී තත්ත්වය උග්‍ර වෙයි - ක්‍රීඩා අමාත්‍යංශයෙන් නියෝගයක්

Report

දිගින් දිගටම පැනනැගුණු අර්බුදකාරී තත්ත්වයන් අවසානයේ, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ වත්මන් තේරීම් කමිටුව විසුරුවා හැර ඒ සඳහා නව තේරීම් කමිටුවක් පත් කරගන්නා ලෙසින් ක්‍රීඩා අමාත්‍යංශය දැනුම් දී තිබෙනවා.

ඒ අනුව වොලිබෝල් සම්මේලනයේ වත්මන් තේරීම් කමිටුව පත්කරගන්නා මොහොතේ පටන්ම එහි ගැටලුකාරී තත්ත්වයන් රැසක් විටින් විට පැනැ නැගුණු අතර අවසානයේ එය සම්මත සාමාජික සංඛ්‍යාවද නොමැති සාමාජිකයන් තිදෙනෙකු පමණක් සහිත කමිටුවක් බවට ද පත්ව ඇත.

එම කමිටුව පත්කරගන්නා අවස්ථාවේදීම (මින් පෙර වොලිබෝල් තේරීම් කමිටු සභාපතිවරයා වශයෙන් කටයුතු කළ) හිටපු ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයකු වන එල්.සී. ඒකනායක එහි සාමාජිකත්වය භාරගැනීමෙන් වැළකී ඇත්තේ, සාපේක්ෂව වඩාත් ඉහළ සුදුසුකම් සහිත තමන් සිටියදී උදේනි ප්‍රියදර්ශනීගේ සුදුසුකම් ලබාගැනීමේ ලකුණු මට්ටම තමන් හා සමකර ඇයව තේරීම් කමිටු සභාපතිනිය වශයෙන් අයුතු ආකාරයට පත්කළ බවට චෝදනා එල්ල කරමින්.

ක්‍රිකට් වලින් ලෝකෙම හෙල්ලූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විජේ ශංකර් LPL කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට

ක්‍රිකට් වලින් ලෝකෙම හෙල්ලූ ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක විජේ ශංකර් LPL කැන්ඩි රෝයල්ස් කණ්ඩායමට

එමෙන්ම සම්මත සාමාජික සංඛ්‍යාව වන ඔත්තේ සංඛ්‍යාවක් වෙනුවට සාමාජිකයන් හතරදෙනෙකුගෙන් සමන්විත ඉරට්ටේ සංඛ්‍යාවක් වොලිබෝල් තේරීම් කමිටුව වශයෙන් නම් කර එවීමට ජාතික තේරීම් කමිටුවට සිදුව ඇත.

පසුව එල්.සී. ඒකනායකගේ පුරප්පාඩුව පිරවීමට යුද හමුදා නිලධාරියකු පත්කර තිබෙන අතර ජාතික කණ්ඩායම නියෝජනය කළ සෙසු කිහිපදෙනෙකු පොරොත්තු ලේඛනයේ සිටියදී පාසල් වොලිබෝල් පමණක් ක්‍රීඩා කර ඇති එකී නිලධාරියා තේරීම් කමිටුවට පත්කළේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද පැනයක් මතුව තිබෙනවා.

එමෙන්ම මෑත භාගයේ පැවැති තේරීම් සැසියකදී දක්ෂ ක්‍රීඩකයකු අත්තනෝමතික ආකාරයට ඉවත් කිරීමට කණ්ඩායම් පුහුණුකරුවකු තේරීම් කමිටුවට බලපෑම් කිරීම සහ තේරීම් කමිටු සභාපතිනිය විසින් සෙසු සාමාජිකයන්ගේ තෝරාගැනීම නොසලකා හැර මෙකී පුහුණුකරුවාගේ බලපෑමට නතුව කටයුතු කිරීම නිසා වොලිබෝල් තේරීම් කමිටුවේ තවත් අර්බුදයක් ඉස්මතුව ඇත.

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

මේ පාර වෙසක් එකට බත් දන්සල්වලට යන්න හිතන් හිටපු අයට නරක ආරංචියක් - ගියත් මේවා විතරයි

මෙහිදී අදාළ පුහුණුකරුවා තේරීම් කමිටු සාමාජිකාවකට පහර දීමට තැත්කළ බවට චෝදනා එල්ලවී තිබුණද එම සිදුවීම සම්බන්ධයෙන් බලධාරීන් මෙතෙක් මුනිවත රකින බව වාර්තා වේ. එම සිදුවීමෙන් පසු තේරීම් කමිටු සාමාජිකාවන් දෙදෙනෙකු කරුණු නොදක්වාම ඉවත් කරමින්, තේරීම් කමිටුව තුන් දෙනෙක් දක්වා අඩුකිරීමට හෙවත් සම්මත අවම සාමාජික සංඛ්‍යාවෙන්ද පහතට ගෙන ඒමට කටයුතු සිදු කර ඇත.

පසුව මෙම තෝරාගැනීමේදී අසාධාරණයට ලක්වූ බැව් කියන ක්‍රීඩකයාගේ පාර්ශ්වයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණිල්ලක්ද ඉදිරිපත් වූ අතර මේ සියල්ල අවසානයේ වත්මන් තේරීම් කමිටුව විසුරුවාහැරීමේ නියෝගය ක්‍රීඩා අමාත්‍යංශයෙන් නිකුත් කර තිබෙනවා.

එහෙත් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය විසින් ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ මධ්‍යම ආසියානු වොලිබෝල් තරගාවලියට සහභාගිකරවන ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායමේ අවසන් තේරීම් පරීක්ෂණය මෙම 30 වැනිදා වතුපිටිවලදී සිදුකිරීමට යෙදී තිබෙන බැවින්, (නව කමිටුවක් පත්කිරීමට කාල වේලාව මද බව මත) වත්මන් තේරීම් කමිටුවේ සාමාජිකයන් පස්දෙනාම යොදාගනිමින් එය පැවැත්වීමට අවසර දෙන ලෙසයි.  

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි - සියලුම ප්‍රධාන පල්ලිවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

මුස්ලිම් බැතිමතුන් මහත් හරසරින් සමරන හජ් උත්සවය අදයි - සියලුම ප්‍රධාන පල්ලිවලට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ශ්‍රී ලාංකිකයින් 7ක් අබුඩාබිවලින් පිටුවහල් කරයි - හේතුව මෙන්න

ශ්‍රී ලාංකිකයින් 7ක් අබුඩාබිවලින් පිටුවහල් කරයි - හේතුව මෙන්න