ශ්‍රී ලාංකිකයින් 7ක් අබුඩාබිවලින් පිටුවහල් කරයි - හේතුව මෙන්න
එක්සත් අරාබි එ.මීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන සිටි එරටින් පිටුවහල් කළ ශ්‍රී ලාංකික තරුණයන් හත්දෙනෙකු මෙරටට එවා ඇත.
ඔවුන් පිරිස ඊයේ (27) රාත්‍රියේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ .
මැදපෙරදිග කලාපයේ පවතින යුද තත්ත්වයන්ට අදාළ ඩ්‍රෝන යානා සහ මිසයිල ප්‍රහාරවල ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශන තමන් සන්තකයේ තබා ගනිමින්, ඒවාට සමාජ මාධ්‍ය ඔස්සේ 'Like' පළ කිරීම සහ අදහස් දැක්වීම 'Comments' හේතුවෙන් මෙම පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙලෙස පිටුවහල් කර ඇත්තේ අවුරුදු 23ත් 33ත් අතර වයස්වල පසුවන අම්බලන්ගොඩ, මාරපන, බොරැල්ල, බණ්ඩාරගම, පොළොන්නරුව සහ වත්තල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් පිරිසකි.
තවද මෙම සැකකරුවන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි වහාම, ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්, රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරීන් සහ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් එක්ව ඔවුන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇති බව සඳහන් වේ.