ශ්‍රී ලංකාවට සුබ ආරංචියක් - මාස 9කදී රටට ආ ඩොලර් ප්‍රමාණය ඉහළට

Report

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගෙන් මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මාස නවයක කාලය තුළ මෙරටට ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 6,865.4ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරන පරිදි, එය පසුගිය වසරේ අදාළ කාලසීමාව තුළ ලැබුණු විදෙස් ප්‍රේෂණ ප්‍රමාණයට සාපේක්ෂව ඩොලර් මිලියන 1,053.7ක වැඩිවීමකි.

පසුගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ විදේශගත ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබී තිබූ සමස්ත විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 5,811.7ක් ලෙස වාර්තා විය.

මේ අතර, මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පමණක් මෙරටට ලැබී ඇති විදෙස් ප්‍රේෂණ ප්‍රමාණය ඩොලර් මිලියන 734.4කි. එය පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී ලැබුණු ඩොලර් මිලියන 695.7ක ප්‍රේෂණ ප්‍රමාණය හා සැසඳීමේදී ඉහළ යෑමකි.

මේ බස්වලට අලුත් නීතියක්.. ආයේ තේ බොන්න නවත්තන්න බෑ

මේ බස්වලට අලුත් නීතියක්.. ආයේ තේ බොන්න නවත්තන්න බෑ

ගිනිකොණ දිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් - හෙට ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක්

ගිනිකොණ දිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් - හෙට ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක්