මේ බස්වලට අලුත් නීතියක්.. ආයේ තේ බොන්න නවත්තන්න බෑ
ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති සංජීව කනකරත්න මහතා ලංකා ගමනා ගමන මණ්ඩලය මඟින් කෙටි දුර ධාවන බස් රථ ගමන් වාරය අතරමගදී තේ පානය වෙනුවෙන් නතරකිරීම තහනම් කිරීමට තීරණය කර ඇති බව පවසන බව වාර්තා වේ.
ඒ අනුව මෙම තීරණය ධාවන කාලසීමාව පැය හතරට අඩු ගමන් වාර පවතින බස් රථ සඳහා මෙම නීතිය හැකි ඉක්මනින් ක්‍රියාත්මක වන බවත් එය මගීන්ගෙන් ලැබුණු පැමිණිලි මත ගත් බවත් සභාපතිවරයා පවසන බව සඳහන්.
එසේම ඔහු බස් රථ කාලසටහන නිසි පරිදි පවත්වාගෙන යාම සහ මගී ජනතාවට අනවශ්‍ය ප්‍රමාදයකින් තොරව නියමිත වේලාවට තමන්ගේ ගමනාන්තය වෙත ළඟාවීමට සැලැස්වීම මෙහි අරමුණ බව ද අවධාරණය කළ බව වාර්තා වේ.
මේ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් සභාපතිවරයා කියා ඇත්තේ ඇතැම් බස් රථ තේ පානය සඳහා නවත්වනු ලබන අවන්හල්වල පවතින සෞඛ්‍යාරක්ෂිත බව සම්බන්ධයෙන්ද බොහෝ පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිළිබඳව ද මේ වන විට අවධානය යොමුව ඇති බවයි.