ගිනිකොණ දිග බෙංගාල බොක්කේ අඩු පීඩන කලාපයක් - හෙට ලංකාවටම වෙන්න යන දේ ගැන දැනුම්දීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (13) දිනයේ අඩු පීඩන කලාපයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව සඳහන් කරයි.
එබැවින් ඔවුන් ධීවර හා නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටින්නේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි.
එමෙන්ම එහි සඳහන් වන්නේ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි.
සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර, සුළගේ වේගය පැයට කිලෝමීටර් 20 ත් 30 ත් පමණ විය හැකියි.
එසේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරන්නේ ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර තද සුළං ඇති විය හැකි අතර, එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවයි.