ආයෙත් විදුලිය සහ ඉන්ධන මිල..යළි පිරිවැය ආවරණය කරන බවට ජනපති IMF එකට පොරොන්දු වෙයි [UPDATE]

Report

පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය යළි ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බවට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත දන්වා ඇත.

ඒ අනුව එම අරමුදල වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එසේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාව සඳහා වන විස්තීරණ ණය වැඩසටහනේ පස්වැනි සහ හයවැනි සමාලෝචනය සම්පූර්ණ කරමින් ඒ සඳහා අනුමැතිය ලබා දීමට මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ඉකුත් 27 වැනි දින පියවර ගෙන තිබුණා.

ඉන්ධන මිල හා විදුලි මිල තවත් වැඩිවෙයිද? IMF සමඟ කල අලුත්ම සාකච්චාව

ඉන්ධන මිල හා විදුලි මිල තවත් වැඩිවෙයිද? IMF සමඟ කල අලුත්ම සාකච්චාව

ඒ ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිපත්ති සහ ප්‍රතිසංස්කරණවලට සහාය වීම වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 695ක මුදලක් ලබා දෙමින්.

එයට පෙර පසුගිය මැයි 13 වැනි දින මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ගේ අත්සන්ද සහිතව ලිපියක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය වෙත යොමු කර තිබූ බවට තොරතුරු සඳහන්.

එහි IMF වැඩසටහනේ පූර්ව ක්‍රියාමාර්ගයක් වන පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණය යළි ස්ථාපිත කිරීමට රජය කටයුතු කරමින් සිටින බව දැක්වේ.

එමෙන්ම අඳාළ ලිපියෙහි ඉන්ධන සහනාධාර ඇතුළු අනෙකුත් සහන ක්‍රියාමාර්ග රුපියල් බිලියන 100 සීමාවට යටත් වන අතර, එය සැප්තැම්බර් මස අවසානය වනවිට ගෙවා අවසන් කරන බව සඳහන් බව වාර්තා වේ.

පොලී අනුපාත වැඩි කිරීමෙන් බැදුම්කර පොලිය අසාමාන්‍ය ලෙස වැඩි වෙයි - අනාගතයට රතු එළියක්

පොලී අනුපාත වැඩි කිරීමෙන් බැදුම්කර පොලිය අසාමාන්‍ය ලෙස වැඩි වෙයි - අනාගතයට රතු එළියක්

මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහන යටතේ මෙරට ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පවත්වාගෙන යාමට රජය පූර්ණ වශයෙන් කැපවී සිටින බවත් ජනාධිපතිවරයා ඉන් අවධාරණය කරන බව සඳහන්.

ආදායම් මත පදනම් වූ මූල්‍ය ස්ථායීතාව, ශක්තිමත් සමාජ ආරක්ෂණ දැලක් ක්‍රියාත්මක කිරීම, මූල්‍ය අංශවල ප්‍රතිසංස්කරණ සහ පිරිවැය ආවරණය කරන බලශක්ති මිලකරණය, රාජ්‍ය ණය තිරසරභාවය, මිල ස්ථාවරත්වය පවත්වාගැනීම, විනිමය අනුපාතවල ඉහළ නම්‍යශිලිතාවය සහිතව විදේශ විනිමය සංචිත ගොඩනැංවීම, මූල්‍ය ක්ෂේත්‍රයේ ස්ථාවරත්වය සහ දූෂණ අවදානම් වැළැක්වීම සඳහා වූ උසස් මට්ටමේ ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සහ ශ්‍රී ලංකාවේ වර්ධන හැකියාවන් විහිදාලීම රජයේ අරමුණ වන බව අඳාළ ලිපියේ වැඩිදුරටත් සඳහන්.

බලාපොරිත්තුව සුන් වෙයි - යුද ගිනි මැද ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලත් යළි ඉහළට

බලාපොරිත්තුව සුන් වෙයි - යුද ගිනි මැද ලෝක වෙළඳපොළේ ඉන්ධන මිලත් යළි ඉහළට

සියලුම පාසල් වෙත දන්වන්නැයි පැතිරෙන භයානක රෝගයක් සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශයක්

සියලුම පාසල් වෙත දන්වන්නැයි පැතිරෙන භයානක රෝගයක් සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට මාර්ගෝපදේශයක්